සසර සරන තුරු

Special Price රු. 792.00 Regular Price රු. 990.00
In stock
SKU
sasara-sarana-thuru-dilhani-wickramarathne-shakya-publisher

මේ සේයාරුවෙහි දැක්වෙන්නේ වයස අවුරුදු 5 - 10 අතර දැරියකව හිඳි කාලයේ මා ජීවත් වූ මගේ අත්තම්මාගේත්, ලොකුඅත්තාගේත් නිවසෙහි පිවිසුම ය. එම නිවස, හතර වටින් වෙල් යායකින් වටවුණු ගොඩැල්ලක් මත පිහිටා තිබිණි. එදවස මේ පිවිසුමෙහි දෙපස කළුවර ලී කණු දෙකක් යෙදූ ලස්සන වැට කඩුල්ලක් ඉදිකර තිබිණි. අද, අත්තම්මා ද ලොකුඅත්තා ද ජීවතුන් අතර නැත. එසේ ම නිවස ද පිටස්තරයකුට හිමිව ඇත. එහෙත්, මගේ ජීවිතයේ මට කිසිදා අමතක කළ නොහැකි සුන්දර ම මතකයන් පිරී ඇති ඒ රමණීය භූමියට අදත් මම අසීමිතව ආදරය කරමි. ‘සසර සරන තුරු’ හි

දිලිනි දෙගල්දොරුවට නවාතැන් දෙන්නට මම මගේ අතීතකාමයේ අග්‍රඵලය වන උඩදුම්බර, කහටලියද්ද ගම්මානය තෝරාගත්තේ මගේ මේ සොඳුරු හදවත නිර්මාණය කළේ ඒ රමණීය භූමිය ම වූ බැවිනි.

Back to Top