Back to Top
හන්තාන සඳවතී
Special Price
රු. 1,665.00
Regular Price
රු. 1,850.00
In stock
SKU
hanthana-sandawathi-sathsara-kasun-pathirana-kathru
"හන්තාන දෙසින් සිහින් දුමාරයක් සේ පිනි වැස්සක් වැටෙනු පෙනෙයි. ගහක කොළයක් හෝ නොසෙල්වෙයි. අද සරසවි බිම පුදුමාකාර නිසලතාවක ගිලී ඇති සෙයකි. මගේ සිත ද එසේමය. එහි ඇත්තේ හිස් බවකි. මා සසල කරන්නට තරම් බලවත් වන කිසිදු හැඟීමක් එහි ඉතිරිව නැත. තෙවසරක් පේරාදෙණි සරසවි බිමේ ගත කළ ද අද මා මෙහි අමුත්තෙකු යැයි හැගේ. හන්තාන, මහවැලිය, එළිමහන් රංග පීඨය, ලවර්ස් ලේන්, ගල් බංගලා, මේ හැමදේම දර්ශන පථයෙන් දියවී යන සෙයකි. කිසිංග් බෙන්ඩ් එක අසලින් පහළට බැස, මහවැලි ඉවුරට ආවේ පුරුද්දට මෙනි. කිසිවක් නොදන්නා ලෙසින්, කිසිවක් නොදුටු ලෙසින් මහවැලි ගඟ ඔහේ ගලා යයි. සිත මෙතරම් පාළුවකින් පෙළෙන්නේ ඇයිදැයි මටම පුදුමයකි. කුමකට මා මෙතරම් තැවෙනවාද? කුමක් අත්හළ නොහැකිව විඳවනවාද?