Back to Top
සන්තෝෂ තාරකා එළි
Special Price
රු. 720.00
Regular Price
රු. 800.00
In stock
SKU
santhosha-tharaka-eli-upeksha-galappaththi-rasakatha
පියාසැරියක් නොගොසින්ම කැදැල්ලෙන් බිම වැටුණු
කුරුලු බිළිඳා නොරිද්දෙන සේ වඩා ඇහිඳා කූඩුවෙන් තියන
මෘදු හදැති දරුවා තවම ඔබ තුළ පවතී.
අටේ කණිසම විදෙස් පුවතක රකුසෙකු බිලිගත්තු
විදි දැරියක් ගැන හදවත බිඳෙන කඳුලැලි ගලන
මෘදු හදැති දරුවා තවම ඔබ තුළ පවතී
නන්නාඳුනන කලබලකාරයෙක් කඩා පාගා ගිය මලක් සනසා
කුඩා පත් එකින් එක අලව අලවා සුව කරන්නට තනන
මෘදු හදැති දරුවා තවම ඔබ තුළ පවතී.
කාරුණික කම් කඩිනමින් වඳ වෙවි යන ලෝකයක
මේ මෙතන මෙහෙමම
තෙත් හදැති කුඩා දරුවෙකුව තවම ඔබ පවතී.
ඉතින් ඔබ සුවිශාල වන්නේ ඒකයි.
සුවිශේෂ වන්නේ ඒකයි.
ඔබව මේ ලෝකයට උවමනා වන්නේ ඒකයි!
(Nikita Gill ගෙ කවියක අනුවාදයකි)