සන්තෝෂ තාරකා එළි

Special Price රු. 720.00 Regular Price රු. 800.00
In stock
SKU
santhosha-tharaka-eli-upeksha-galappaththi-rasakatha

පියාසැරියක් නොගොසින්ම කැදැල්ලෙන් බිම වැටුණු

කුරුලු බිළිඳා නොරිද්දෙන සේ වඩා ඇහිඳා කූඩුවෙන් තියන

මෘදු හදැති දරුවා තවම ඔබ තුළ පවතී.

 

අටේ කණිසම විදෙස් පුවතක රකුසෙකු බිලිගත්තු

විදි දැරියක් ගැන හදවත බිඳෙන කඳුලැලි ගලන

මෘදු හදැති දරුවා තවම ඔබ තුළ පවතී

 

නන්නාඳුනන කලබලකාරයෙක් කඩා පාගා ගිය මලක් සනසා

කුඩා පත් එකින් එක අලව අලවා සුව කරන්නට තනන

මෘදු හදැති දරුවා තවම ඔබ තුළ පවතී.

 

කාරුණික කම් කඩිනමින් වඳ වෙවි යන ලෝකයක

මේ මෙතන මෙහෙමම

තෙත් හදැති කුඩා දරුවෙකුව තවම ඔබ පවතී.

 

ඉතින් ඔබ සුවිශාල වන්නේ ඒකයි.

සුවිශේෂ වන්නේ ඒකයි.

ඔබව මේ ලෝකයට උවමනා වන්නේ ඒකයි!

(Nikita Gill ගෙ කවියක අනුවාදයකි)

Author උපේක්ෂා ගලප්පත්ති - Upeksha Galappaththi (1)
Publisher රසකතා ප්‍රකාශන - Rasakatha Publishers (25)
More Information
ISBN 9786246417277
පිටු ගණන 88
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සන්තෝෂ තාරකා එළි
Back to Top