මහෞෂධ කුමාරයාගේ කතන්දර

Special Price රු. 297.50 Regular Price රු. 350.00
In stock
SKU
mahawshada-kumarayage-kathandara-ananda-sooriya

ජාතක පොතෙහි ඇතුළත් වන ඉතා දිගු ජාතක කථාව වශයෙන් උම්මග්ග ජාතකය සැලැකෙයි. එය උපහාස රසයෙන් ද වික්‍රමාන්විත ක්‍රියාවන් ගෙන් ද යුතු අතුරු කථා රාශියකින් සමන්විත ය. තර්කානුකූල ව සිතන්නට ද ගැටලුවලට නොබිය ව මුහුණ දෙන්නට ද අනුබල දෙන උම්මග්ග ජාතකයෙහි අතුරු කථා බටහිර රහස් පරීක්ෂක කථාවල ඇතැම් ලක්ෂණ සිහිපත් කරවයි.

ලිහිල් බසින් ලියැවුණු ‘මහෞෂධ පඬිතුමා ගේ කතන්දර’ මිහිර ළමා පුවත් පතේ කොටස් වශයෙන් පළ කරවන ලද්දේ ළමා මනස තුළ කථා රසය මෙන් ම පැරැණි සිංහල සාහිත්‍ය කෘති පිළිබඳ ව ඇල්මක් හා දැනුමක් ඇති කරවීමේ අරමුණ ඇති ව ය.

Back to Top