උං ගියාදෙං

Special Price රු. 495.00 Regular Price රු. 550.00
In stock
SKU
un-giyaden-karunadasa-sooriyaarachchi-dayawansha-jayakody

කරුණාදාස සූරියආරච්චි

උං ගියාදෙං

ගොම්මන් නිහඬතාව තමා අසල තබා මිනිසා ද වස්සා ද නොපෙනී යන තුරා ජස්ටින් බලා සිටියේය. ඒ අතර හදිසියේ පැමිණි සුළං රැල්ලකින් ගොරොක් ගස් මුදුන යන්තමින් සසල විය. එය දුර ඈත හූමිටිකන්ද මුදුනේ සිට පැමිණි දීර්ඝ සුසුමක් වන්නට ද බැරී නැත. එහෙත් සසල වූ ගොරොක් ගස් මුදුන මොහොතකින් නිසල විය. 

විශාල ගෘහයේ තමා සමඟ ජීවත් වූ එකම ප්‍රාණියා ද පොළොව යටය. කුඩා තෙත පස් කණ්ඩිය දෙස යළිත් බැලූ ජස්ටින් උදැල්ල ගැනීමට පහත් විය. 

කොන්ද නැවතත් කැක්කුම් දුන්නේය. අත් දෙක ඉඟටියට තබා වාකුල්වෙමින් ඔහු කොන්ද කෙළින් කර ගත්තේය. 

මස්..ලේ..තෙත..කිසිවක් නැති, එහෙත් නො බිඳුණු නහර වැල් ශේෂව ඇති, වියළි පත්‍රය නො පාගාම ඔහු අඩිය තැබුවේය.

Back to Top