My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
කරුණාදාස සූරියආරච්චි
උං ගියාදෙං
ගොම්මන් නිහඬතාව තමා අසල තබා මිනිසා ද වස්සා ද නොපෙනී යන තුරා ජස්ටින් බලා සිටියේය. ඒ අතර හදිසියේ පැමිණි සුළං රැල්ලකින් ගොරොක් ගස් මුදුන යන්තමින් සසල විය. එය දුර ඈත හූමිටිකන්ද මුදුනේ සිට පැමිණි දීර්ඝ සුසුමක් වන්නට ද බැරී නැත. එහෙත් සසල වූ ගොරොක් ගස් මුදුන මොහොතකින් නිසල විය.
විශාල ගෘහයේ තමා සමඟ ජීවත් වූ එකම ප්‍රාණියා ද පොළොව යටය. කුඩා තෙත පස් කණ්ඩිය දෙස යළිත් බැලූ ජස්ටින් උදැල්ල ගැනීමට පහත් විය.
කොන්ද නැවතත් කැක්කුම් දුන්නේය. අත් දෙක ඉඟටියට තබා වාකුල්වෙමින් ඔහු කොන්ද කෙළින් කර ගත්තේය.
මස්..ලේ..තෙත..කිසිවක් නැති, එහෙත් නො බිඳුණු නහර වැල් ශේෂව ඇති, වියළි පත්‍රය නො පාගාම ඔහු අඩිය තැබුවේය.
මුද්‍රණයේ පවතී ද? | මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත. |
---|---|
Author | කරුණාදාස සූරියආරච්චි - Karunadasa Sooriyaarachchi (6) |
Publisher | දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (629) |
ISBN | 9789556862447 |
---|---|
පිටු ගණන | 271 |
දැනට මුද්‍රණයේ පවතී ද? | දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත. |