කන්ද පාමුල ස්වර්ණ පුස්තක සම්මාන 2007
කන්ද පාමුල
කරුණාදාස සූරියආරච්චි
2007 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත නවකතාව
“ඔබේ දරුවන් ඔබේ නොවේමැයි!
ඔව්හු ජීවිතය ඉල්ලන දූ පුතුන් වෙති!
උපත ලද මුත් උන් ඔබෙන්
ඔබේ දරුවන් නම් නොවේ.
ඔවුන් ඔබ හා සමඟ සිටිමුත්
ඔබට ඔවුන්ගේ අයිතියක් නැත.
ලබන මුත් උන් ඔබෙන් පෝෂණ
ඔබේ සිතිවිලි හිමි නොවේ.
උන්ගේ සිතිවිලි උන් සමඟ වේ.
නිවහනේ රැඳිය හැකි වෙතත්
උන්ගේ සිරුරු උන්ගේ ආත්ම
එහි රැඳුම හැකි නොවේ.”
කරුණාදාස සූරියආරච්චිගේ “කන්ද පාමුල” නවකතාව කියැවූ ඉක්බිති ඛලීල් ජිබ්රානුවන්ගේ මේ රසවැකි කිහිපය මට සිහිපත් විය.
එය එසේ වුවද මුළු නවකතාව පුරාම පෙරදිග ඇදුරන් විසින් පෙන්වන ලද ජීවන දසුන් හා භවසත්තාවාදී මහිමය නිර්මාණාත්මකව පළවේ.
"කන්ද පාමුල" නවකතාව ප්‍රාචීනවාදී නිර්මාණ දැක්මේ මාහැඟි ඵලයකැයි මම සිතමි.
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.