පේත

Special Price රු. 225.00 Regular Price රු. 250.00
In stock
SKU
petha-eric-elayapparachchi-godage
සාකච්ඡා සමුළු - කට උත්තර - ඡායාරූප - කෙටි නාට්‍ ය- කෙටිකතා - දින සටහන් යනාදිය ඇසුරෙන් ලියවෙන මේ කෙටි නාවකතාව බිහිසුණු ව්‍යාකූලත්වයේ ගිලුණු සමාජයක තද අඳුරු ඇතුළාන්තය නීරුපණය කරයි.ජීවමාන මිනිස් චරිත තරමටම ක්‍රියාකාරි වන්නා වු මහජන මතය, හෘදසාක්ෂිය, විගලිතභාවය, මනෝවිකාර වැනි දේ මෙන්ම මරණාපර ප්‍රේත ලෝකය හා අකාමකා දැමිය නොහැකි කටුක මතකය ද පිළිබිඹු කරන මේ ප්‍රබන්ධය, පිළිකා රෝගී කොටි කතකට රැකවරණය ලබා දුන් සිංහල තේ කඩයක් පිළිබඳ නඩුවේ හා මහජන අවසන් විනිශ්චයේ විවාදාත්මක පුවත ඔබට පවසයි.මෙරට වාම මානව සංහතියේ නිවාසස්ථානයක් ලෙස ඒ තේ කඩය ස්වකීය දුක් ගැහැට සහිත විපරිණාමය ඔස්සේ ඉතිහාසයෙන් වර්තමානයට ද, දේශපාලනයෙන් සෞන්දර්යට ළගා වෙයි.තරණය කළ නොහැකි අපේ කාලයේ ක්ෂිතිජය ලෙස සටහන් වන දේශපාලන ඉතිහාසය තුළ මෙරට හුදී ජනයාගේ දෛනික ජීවන වාසස්ථානය හමු වෙයි.ජීවිත අවදානම සහිත කැරලිකාර දේශපාලන ශ්‍රමය මධ්‍යයේ ශුද්ධ වු පවුලේ රහස ලෙස මිහි පිට කැරැලිකාර පවුල බිහි වෙයි.
Author එරික් ඉලයප්ආරච්චි - Eric Elayaparachchi (6)
Publisher ගොඩගේ - Godage (441)
More Information
Subtitle petha-eric-elayapparachchi-godage
ISBN 9789553059732
පිටු ගණන 112
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පේත
Back to Top