Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book
සාකච්ඡා සමුළු - කට උත්තර - ඡායාරූප - කෙටි නාට්‍ ය- කෙටිකතා - දින සටහන් යනාදිය ඇසුරෙන් ලියවෙන මේ කෙටි නාවකතාව බිහිසුණු ව්‍යාකූලත්වයේ ගිලුණු සමාජයක තද අඳුරු ඇතුළාන්තය නීරුපණය කරයි.ජීවමාන මිනිස් චරිත තරමටම ක්‍රියාකාරි වන්නා වු මහජන මතය, හෘදසාක්ෂිය, විගලිතභාවය, මනෝවිකාර වැනි දේ මෙන්ම මරණාපර ප්‍රේත ලෝකය හා අකාමකා දැමිය නොහැකි කටුක මතකය ද පිළිබිඹු කරන මේ ප්‍රබන්ධය, පිළිකා රෝගී කොටි කතකට රැකවරණය ලබා දුන් සිංහල තේ කඩයක් පිළිබඳ නඩුවේ හා මහජන අවසන් විනිශ්චයේ විවාදාත්මක පුවත ඔබට පවසයි.මෙරට වාම මානව සංහතියේ නිවාසස්ථානයක් ලෙස ඒ තේ කඩය ස්වකීය දුක් ගැහැට සහිත විපරිණාමය ඔස්සේ ඉතිහාසයෙන් වර්තමානයට ද, දේශපාලනයෙන් සෞන්දර්යට ළගා වෙයි.තරණය කළ නොහැකි අපේ කාලයේ ක්ෂිතිජය ලෙස සටහන් වන දේශපාලන ඉතිහාසය තුළ මෙරට හුදී ජනයාගේ දෛනික ජීවන වාසස්ථානය හමු වෙයි.ජීවිත අවදානම සහිත කැරලිකාර දේශපාලන ශ්‍රමය මධ්‍යයේ ශුද්ධ වු පවුලේ රහස ලෙස මිහි පිට කැරැලිකාර පවුල බිහි වෙයි.
ISBN
9789553059732
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. Not interested..
    2020 ස්වර්ණ පුස්තක සම්මානය ලබාගත් විශිෂ්ඨතම නවකතාව වූයෙන් කියවීමට ගත් නිසා කියෙව්වා විනා අතරමගදී අතහැර දැමීමට අනන්තවත් සිතූ නීරසම කතාවකි...චරිත රාශියක් ඔබ්බවාගෙන අවුල් කර කතාවේ හරය විනාශ කර ඇත. මෙවැනි කතාවක් හොඳම පොත වීම මා හට තවමත් ගැටළුවකි...
    shani ·
Write a review
Write a review

You're reviewing: පේත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.