අදිසි නදිය
About this book
කපිල කුමාර කාලිංග විසින් මෙයට පෙර රචිත "පියැසි කවුළුව', 'කන්ද වීදිය' හා 'සැප්තැම්බරයේ දිග දවසක්' නවකතා පාඨක විචාරක ප්‍රසාදය දිනා ගැනීමට සමත් විය. මෙවර ඔහු 'අදිසි නදිය' තුළින් සිංහල නවකතාවට නුහුරු විෂය භූමියකට පාඨකයා කැඳවා ගෙන යයි.
මායාරූපී ප්‍රබන්ධය, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය,දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා 'අදිසි නදිය' කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි.එසේම මානවවාදී ධීරවීර පුද්ගලයින් හා දූරදර්ශි අධිපතිවාදී පාලකයින් අතරේ පවත්නා නිරන්තර අරගලය ද 'අදිසි නදිය' දෑලේ නිරූපනය වෙයි.
Details
ISBN
9789556777987
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 1
-
නිර්මාණයක් විඳීමෙන් , රසිකයෙකු තුල සදා නොමැකෙන මතකයන් දැල්විය හැකිනම්, රසිකයා පරමානන්දයට පත්වේ නම්, එය සැබැවින්ම නිර්මානකරුවා ලබන්නාවූ එකම සතුට විය හැකියි. එය මුදලින් සම නොවන ඔහු ලබන හෘදයංගම දායාදයද වනු ඇත.නිර්මාණයක් විඳීමෙන් , රසිකයෙකු තුල සදා නොමැකෙන මතකයන් දැල්විය හැකිනම්, රසිකයා පරමානන්දයට පත්වේ නම්, එය සැබැවින්ම නිර්මානකරුවා ලබන්නාවූ එකම සතුට විය හැකියි. එය මුදලින් සම නොවන ඔහු ලබන හෘදයංගම දායාදයද වනු ඇත.
කියවන්නකු වශෙයන් , මා පරමානන්දයට පත් කරවන්නට සමත්වූ .. තමවමත් එහි තැනින් තැන පෙරළා බලමින් නැවත නැවතත් එම ආනන්දය විදින්නට තරම් මා පෙළඹවු .. තවමත් නැවුම් පොතක්
කපිල කුමාර කාලිංගයන්ගේ ... අදිසි නදිය....
විවිධ ජන සම්භවයන්ගේ මිශ්‍ර ලක්ෂණ වලින් යුතුවූ , නිශ්චිත නාමයක් නොමැති පුද්ගල අන්‍යනතාවක් නොමැතිව වෙසෙන ,වරින් වර ආශ්චර්යාත්භූත සිදුවීම් වලට මුහුණ දෙන.. නගරයක ජීවත්වන විවිධ තරාතිරමේ ජන කොටසක් ...
ඒ නගරයේ යටිපෙළ සොයා පැමිණෙන .. ලා නිල් පැහැති කමීසධාරී උත්තුංග දේහධාරියා මැක්ස්.. ඔහු නවාතැන් ගන්නා නගරයේ පැරණි තානායම.. එහි මැනේජර් - බාමන්- ඒ- බී නම්වූ වේටර්වරු .. බනී.. හා ඩොගී වැනි තානායම් වාසීන්.. පිනෝකියෝ නාසයක් ඇති රෙක්ස්..උස්කදු ගැටයක් උඩ මනරම් උද්‍යානයක් මධ්‍යයේ ඇති නගරාධිපති නිවස .. නගරාධිපති... මුරකරු සහ ඔහුගේ බිරිද, ලැහැබේ ඇති උල්පත ..දිය කිදුරි මූර්ති සහිත කෞතුක භාණ්ඩ වෙළදසැලේ චීන ජාතික වෙළන්දා.. ගෙඋයෙනහි පිහිටි පොකුණ.. එහි ගැඹුරෙහි වූ ස්ථානයක වෙසන ඔහුගේ ධවළ සමැති කිරිගරැඩ පැහැ දියණිය ආදීන්ගෙන් ආරම්භවන අදිසි නදිය, මුල් අදියෙර්දී දී ම .. එක හුස්මට පොත කියැවීමට ආශක්ත කර ගැනීමේ අපූර්ව ලෝකයක් මතු කරයි..
ලදරු වියේ සිට සුරංගනා කතා කියැවීමෙන් පිරීගිය මසිත.. යළිත් ඒ පරිකල්පන ලෝකයට ඇතුළු වූවා යයි යළිත් මට සිතෙන තරමටම .. අදිසි නදියත් .. පාවෙන නගරයත්.. නගරයේ විවිධ වර්ගයේ සහ විවිධ හැඩගත් මිනිසුන් සහ සිදුවීම් පෙළ ත් .. එහි අවසානය කරා එක සීරුවෙන් මා බැද තබාගෙන තිබිණ..
අවසානය තෙක් හමු වන මිනිසුන්.. සිදුවන සිදුවීම් සමග ජීවත් වෙමින් .. මනසින් දකිමින් .. මේ පොත කියැවූ කාලය අතිශයින් වින්දනීය කාලයක්.. එතරමි සජීවි ලෙස වචන තුළින් මනැස් සිතුවමේ ඇඳීමේ අපූරු ශක්‍යයතාවක් කාලිංගයන් තුළ ඇති බවට යළිත් මෙහි සනාථ කර තිබෙනවා..
සිංහලෙන් කියවන අප වැනි බොහෝ දෙනාට.. පරිවර්තන කෘති කියැවීමෙන් පමණක් හමුවන රසයක්.. වින්දනයක් .. ස්වතන්ත්‍ර නිර්මාණයකින් හමුවූවා නම් එය .. අදිසි නදියම පමනයි.. මාකේස්ගේත් .. අයියන්දේගේත් .. කොයියෝගේත් මායාරූපී සිහිනමය විදීම් .. පරිවර්තන තුළින් විඳගත්තාට වඩා .. වඩාත් සමීපව.. අදිසි නගරයේදී මට විදගන්නට හැකිවූ ආනන්දනීය බව සුවිශේෂි බව මෙලෙස ලියා තබන්නේ ඉතාමත් සතුටිනි.
කියවා කලක් ගත වී ඇතත්.. වරින් වර මනසින් .. ඒ අද්භුත වූ ද විටෙක ආශ්චර්යමත්වූද නගරයෙහි තැන්තැන්හි ඇවිදිමින් .. යමින් .. තැන් තැන්හි නවතිමින්.. සිටිමි...
එපමණක් නොව.. ඉන්පසුව යමක් කියැවූවද.. අදිසි නදියේ තරම් වූ වෙනසක් මසිතට නොදැනුනු බවද සටහන් කරන්නට සිදුවීමද අපූර්වත්වයකි.. කියවා නිමවුවත් ..තවමත් අදිසි නදිය .. කියවා නිමවූ පොත් අතරට නොයවා..නෙත් මානෙය් තබාගෙන වරින් වර, ඒ පාවෙන .. අපූරු මිනිසුන් සරන.. නගරයේ ආශ්චර්ය විදින්නට මගේ සිත බැඳ තබාගෙන ඇත......
Write a review