Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

තී හා තා

About this book

නවකතාව සඳහා අපූර්ව භාෂා ශෛලියක් නිර්මාණය කරන නවකතාවක්.හැගුම්බර හා බියකරු සිදුවීම්මෙන්ම ලිංගිකත්වය පවා (ඒවායේ මුල් නොසිදෙන සේ සදය උපහාසයකින් ප්‍රතිනිර්මාණය කිරීමට කතුවරයා සමත්. මෙය සිංහල නවකතාව තුළ අතිශය විරල අත්දැකීමක්.වියමන තුළ සෘජුව ප්‍රකාශමාන නොවන හැඟවුම්කාරකයන් ගවේශණය කිරිමට පාඨකයා පොළඹවන සුළු ආඛ්‍යානික ප්‍රවේශය නිසා කෘතියේ ගැඹුර හා රසය ත්‍රීව්‍ර වේ.

'තී හා තා' අසීමිත බැදිමක් පිළිබඳ කතාන්දරයකි.ආදරය මටසිළුටු බව සේම රළු පරළු බව ද එක්තැන් කළ අමුතු නවකතාවකි.නුතනයේ එක්තරා පරම්පරාවක ආදරය පිළිබිඹු කරන නවකතාකරුවා එකී තරුණ ජීවිත සමූහය දෙස හෙළන්නේ අසම්මත මුත් නව්‍ය දෘෂ්ටියකි.ඊටම උචිත වූ ලේඛකයාගේ සුවිශේෂ භාෂා භාවිතය පාඨක සිත් ඇද බැඳ තබා ගනි.

Details
ISBN
9789553115874
පිටු ගණන (Pages)
392
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 3
  1. තී සහ තා - සුරත් ද මැල් : යොවුන් සහ තරුණ රස්තියාදුකාර ආදර කතාවක් / තී සහ තා / Thee ha Thaa / She and He - Surath De Mel : A young, youthful and mischievous love story
    පිටු 392 ක් පුරා දිව යන මිල රු. 650ක් වූ 'තී සහ තා" නවකතාව සුරත් ද මැල් නම් අලෙවිකරන ශිල්පියාගේ ප්‍රථම ලියමනයි.

    නාගරික ප්‍රේම කතාවක් ලෙස අලෙවිකරණය වූ මෙම නවකතාව අර්ධ නාගරික ගම්පහ ජීවත් වූ මටද සමීප අත්දැකීම් සිහිපත් කරන අතීත කාමයෙන් පිරීගිය මාගේ පරම්පරාවේ අවංක ආදර කතාවක් ලෙස මට හැඟුණි.

    මාර්ටින් වික්‍රමසිංහ සහ පසුකාලීන ශ්‍රී ලංකාවේ යතාර්ථවාදී නවකතා රටාවේ ඇති විවිධ අර්ථකතන වලට යෑමේ සීමාකම බිඳහෙලූ නවකතාවක් ලෙස මෙය හැඳින්විය හැක.

    උපුල් ශාන්ත සන්නස්ගල, සමන් වික්‍රමාරච්චි, චින්තන ධර්මදාස හා කේ. කේ. ශ්‍රීනාත් වැනි ප්‍රතිකලාත්මක (Anti-art) නවකතා රටාවක් යොදාගන්නා ලේඛකයෙක් ලෙස සුරත් ද මැල්ගේ මෙම කෘතිය හැඳින්විය හැක.

    නූතන ආදරය කෙතරම් දූෂිත විය හැකිද යන්න මෙම විවෘත සහ අමුතු නවකතාව කියවන්නාට පසක් කර දේ.

    කතාවේ මධ්‍යයට යන විට තරමක් නීරස වන නවකතාව එහි පවත්නා නිර්මාණශීලි, යථාර්තයෙන් වියුක්ත රටාව නිසා නව පනක් කියවන්නාට ලබා දේ.

    ග්‍රන්තයේ අග භාගයේදී තරමක් දුක්බර මෙන්ම ව්‍යාකුල ස්වභාවයක් ගන්නා කතාව අවසන් වන්නේ අපව බලාපොරොත්තු විරහිත කරමිනි.

    ප්‍රතිසංස්කෘතික මෙන්ම උපසංස්කෘතික ලක්‍ෂණ වලින් ගහන මෙම නවකතාවේ පහත උදෘතය එහි ඇති නව්‍ය භාෂා විලාශය හෙළිදරව් කරයි.



    "මට මගේ මුහුණ හුරුවුවාට එක්වරම එය දකින අයට එසේ නොවන බව අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ නිසා මම කාටවත් වැඩිය මුණ දුන්නේ නෑ. සමහර නළු නිලියෝ තමන්ගේ මුණේ ලස්සනම පැත්ත විතරයි කැමරාවට හරවන්නේ කියල මම අහල තිබුණා. අඩුම කැත වම් පැත්තේ කියල හිතල මම වැඩිපුර වමට බර වුණා. අන්තිමට වාමාංශිකයෙක් වුණා."

    -පිටු 34-



    මෙම නවකතාව පශ්චාත් නුතනවාදී නවකතා රටාව උත්කර්ශයට නංවන කෘතියකි.

    "තී සහ තා / Thee ha Thaa / She and He" is Surath De Mel's 392 page, 650 LKR valued novel. Surath De Mel is a marketer by profession.

    Though this novel was marketed as an urban love story, a suburban Gampaha living reader like me also was able to have nostalgic memories of my youth and young age with my generation being depicted in the story very well.

    Unlike novelists like Martin Wickramasinghe and later writers, the barriers to having multiple interpretations of the novels were avoided by departing from the realist writing style.

    Surath De Mel has used Anti-Art novelization tactics used by Upul Shantha Sannasgala, Saman Wickramarachchi, Chinthana Dharmadasa, and K.K.Srinath is evident when reading the novel.

    How post-modern life and love can be confusing, corrupted, and even open can be seen when reading this disturbing and somewhat weird novel.

    Though the novel becomes tasteless in the middle chapters, its creative and detached writing style from reality gives life to readers.

    The storyline and the book, in the end, are filled with sadness and creates hopelessness in the readers.

    This novel can be considered as a countercultural and subcultural reflection of the Sri Lankan society with a post-modern writing style.
    Dimantha රාක්කයේ ඇත ·
  2. Thanks for surath de mal
    This is amazing book....❤
    Ishan ·
  3. ★☆☆☆☆ Not Recommanded
    I have not recommend this book to any one.. This is a crazy. don't waste your money.
    Nimeshi Pahanya ·
Write a review

You're reviewing: තී හා තා

Reviews are published once a member of our team has read them.