මැස්සා රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2021 ස්වර්ණ පුස්තක සම්මාන 2021
About this book
හේ කවරෙකු වුවත් ඔබ නොවන හේ ඔබ මෑ වෙතොත් හෝ මා නොවන හේ මා මැ වෙතොත් හෝ දැනෙන තිගැස්ම හා ට්‍රෝමාව කරා පාඨකයා වහා කැඳවන මේ යෞවනාපේක්ෂ - බුද්ධි උපනයන වෘත්තාන්තය, දඩබ්බර ප්‍රාථමික සිසු අවධියෙන් ව්‍යාකුල සරසවි අවධිය දක්වා නොකඩවා විහිදෙයි. ග්‍රාමීය ප්‍රභූන්ගේ අකීකරු පුත්‍රයකු වු හේ විද්‍යාවේ හා ප්‍රබුද්ධනයේ අභාවය ස්වකීය තක්සලා චාරිකාවේ දී දැක ගනියි. වැඩිමහලු විද්‍යාඥ සොහොයුරා තමාගේ විද්‍යා සුරතලා පර්යේෂණ සාම්පලය හා ආදර වස්තුව විය හැකි දුර්ලභ සුදු නාගයා තම සහෝදර අපාය සහයක බවට පත් කර ගනියි.
වැඩිමහලු සොහොයුරිය ද අවසානාවන්ත බුද්ධිමය ඉරණමක් කරා පිය නඟන අතරේ ඔහුගේ ගම සාමුහික මරණයන්ට දරසෑයක් වෙයි. සරසවිය නවකවදයෙන් ජරාජීර්ණ වෙද්දි විද්‍යාව අතහැර දර්ශනවාදය හදාරන්නට අනීතික වෑයමක් ගන්නා හේ විද්‍යාව, ගණිතය, ප්‍රබුද්ධනය හා හේතුවාදය අතහැර ලංකා සමතලවාදීන්ගේ සංගමය පිහිටුවමින් යාවත්කාලීන බුද්ධාංකාරයා බවට පත් වේ.
Details
ISBN
9786240009089
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
★★★★☆ වෙහෙසකර සාහිත්‍යමය සමාජ කියවීමක්මැස්සා, ගද ගහන මිනිස් ජීවිතය තුල අස්වැසිල්ලක් සොයා ඉගිලෙන _ _ ගේ කතාව.
ඔහු නිර්ණාමිකද? වෙනත් නමකින් හැදින්වූවාද? කුමන ගම් පළාතක අයෙක්ද? ඔහු කුමක් අරඹයා කුමක් කළ අයෙක්ද - එය ප්‍රශ්නයක්ද?
ඔහු ඒ පෙදෙසේ යමක් කමක් තිබූ පවුලක බඩ පිස්සායි. ජීවිතය දගකාරකමක් නොව විප්ලවයක් ලෙස ඇරඹූ ඔහු සැමගේ ආදරය වෙනුවට නුහුරුස්සන බවක් උපයා ගනී. මිතුරන් ඇතිකරගන්නවා වෙනුවට මිතුරන් මතින් ලෝකය දකින ඔහු ගමට වඩා කාෂ්ඨක නගරයේ දුගද හමන ජීවිතයේ සුන්දරත්වයට වශී වෙයි.
පසු කාලීනව ඔහුගේ කොළඹ පාසල් ජීවිතයත්, මතවාදී විශ්ව විද්‍යාල ජීවිතයත් ඔස්සේ කතාව ගෙතී ඇත. පුලුල් වපසරියකින් යුතු උවත් - කතාව මතින් නිදහස් මතධාරී විචක්ශන තාරුණ්‍යය පිලිබද - මත දැක්වීමක්ද විය හැක.
සමකාලීන දේශපාලනය ගෑවී නොගෑවී කතාව ගලා ගියත්, කතාව දිවෙන ඒ වෙහෙසකර මාර්ගය, කතුවරාටම අනන්‍ය වූ සමාජීය කියවීමක - විස්තරාත්මක සාහිත්‍යමය ඉදිරිපත් කිරීමයි. ගැඹුරු සමාජ හරස්කඩක් නොගැලපෙන චරිත ගැලපෙන සිතුවිලි මතින් කාවද්දවා දිවෙන කතාව වෙහෙසකර සාහිත්‍ය රසයකින් යුතුය.
විතණ්ඩ සමය, පරදේසි තුල ඇති කතා රසයට වඩා කතුවරයා මෙහිදී රතුපලස හෝ පේත තුල ඇති නිශ්ෂබ්ද ගුප්ත - කතා රසය ඉදිරිපත් කරයි.
Write a review
Write a review