මාර්ටින් වික්‍රමසිංහ කෙටි කතා එකතුව - 2

Special Price රු. 585.00 Regular Price රු. 650.00
In stock
SKU
martin-wickramasinghe-keti-katha-ekathuwa-2-sarasa
සිංහල බසින් පළ වු මුල්ම කෙටිකතා සංග්‍රහය මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත ගැහැනියක්ය. එය ප්‍රකාශයට පත් වු 1924 අවුරුද්ද යථාර්ථවාදී සිංහල කෙටිකතාවේ ආරම්භක අවස්ථාවද විය.

1924-1951 අතර වන අවුරුදු විසිහතක කාලය තුළ ඔහු විසින් ලියා පළ කරන ලද කෙටිකතා සංඛාව112 කි.අවුරුදු හැටකට අධික කාලයක් තුළ සිංහල බසත් සාහිත්‍යයත් නඟා සිටුවීම උදෙසා ඔහු විසින් විවිධාකාරයෙන් කරන ලද මෙහෙවරේදී සිංහල කෙටිකතාවේ අභ්‍යුදයට සැලසුණු නිර්මාණ දායකත්වය අනල්පය.

මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින් වෙළුම් දෙකකින් යුතුව මාර්ටින් වික්‍රමසිංහ කෙටි කතා එකතුව මෙසේ පළ කෙරෙනුයේ අනාගත පරපුර උදෙසා මහගත්කරුගේ නිර්මාණ සංරක්ෂණය කර තැබීමේ අභිප්‍රායෙනි.

Back to Top