Back to Top
මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය
Special Price
රු. 292.50
Regular Price
රු. 325.00
In stock
SKU
manawa-vidyawa-sinhala-sanskruthiya-martin-wickramasinghe-sarasa
වර්තමාන මානව විද්‍යාව පරිනාමවාදය මුල සිද්ධාන්තය කොට ගෙන උපන්නකි.වෘක්ෂ ලතා ඇතුළු විවිධ කායික ස්වරූප ඇති සකල ජීව ගණයා ජලයෙහි උපන් මූල ජීව බිංදුවකින් පටන්ගෙන අවුරුදු කෙළ කෝටි ගණනක් පරම්පරාවෙන් පරම්පරාවට ක්‍රමයෙන් වෙනස් වෙමින් වැඩිවෙමින් හෙවත් ක්‍රම විකාශයෙන් පහළ වුහ යනු පරිණාමවාදයෙහි ඉතාම කෙටි අරුතයි.
මනුෂ්‍යයාගේ පරිණාමය විවේචනය කෙරෙන මෙහි පළමුවන නිබන්ධ තුන හා සිංහල සංස්කෘතිය විමසන අනික් නිබන්ධ ද එක්තැන් කළ මෙම ග්‍රන්ථය මාර්ටින් වික්‍රමසිංහයන් ජීවත්ව සිටියදී ලියා පළ කළ අවසාන කෘතිය වෙයි.මගේ මේ මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය සකු, බමුණු, ඉංගිරිසි අනුකාරකයන්ට ඔවුන්ගේ අනුකාරක සෙළුව දක්වන කැඩපතක් වෙති යි සිතමි.යනුවෙන් පොතේ සංඥාපනය අග වික්‍රමසිංහයන් කරන සඳහන එහි සමුදයාර්ථය වටහා ගැනීමට හේතු වෙතියි සිතමු.