සින්තටික් ගුමුගුමුව

Special Price රු. 180.00 Regular Price රු. 200.00
In stock
SKU
sinthatic-gumugumuwa-nimal-santhawa

යම් නිර්මිතයක ඔරිජිනලිටිය නැති වූ විට ඒ සඳහා වන ප්‍රතිනිෂ්පාදනයන්ගේ ජානමය ස්වරූපය වෙනස් වේ. සමාජ ප්‍රවාහය තුළ සිදු වන මිනිස් චර්යාවන්, සංසිද්ධීන් හා වාස්තවික තලයන්වල පවත්නා විකෘති ස්වරූපය නැවතත් ඛණ්ඩනය කොට කවියකට සංගෘහිත කරගැනීමට ප්‍රයත්න දරන අමූර්ත උත්සාහයන් කවියාගේ කවිය තුළ ප්‍රතිනිර්මාණය වේ. මෙහි අමූර්තය හුදු පාරභෞතික තත්ත්වයන් ඉක්මවා සමාජයේ හා පරිසරයේ ද්විඝටනය තුළින් ඥානනය කරගැනීමට කවියා අනලස් අධ්‍යයනයක හා භාවිතයක යෙදිය යුතු යි. නිමල් ජයරත්න හට ඒ සඳහා ඇති කැපවීම සම්බන්ධයෙන් අප හට කිසිඳු සැකයක් නැත. එබැවින් ඔහු වෙතින් අනාගත කවිය වඩාත් වර්ණවත් වනු ඇත. 

උපුල් සේනාධීරිගේ 

Back to Top