Back to Top
සිනාසෙන්න ගඟනි
Special Price
රු. 400.00
Regular Price
රු. 500.00
Out of stock
SKU
sinasenna-gangani-nikini-nethranjalee-bandara-ashirwada
විශ්ව පසුපස අසුනට ගොස් ගඟනිට ඇඳුම් මාරු කරන්නට උදව් කළේ ය. සිතුවිලි කැකෑරෙමින් හිතට දහසක් දේ කිව්ව ද විශ්ව මහත් පරිශ්‍රමයක් ගෙන සිතුවිලි දමනය කරගත්තේ ය. එය කොතරම් අමාරු ද කිවහොත් කිසිවකු හපා කනු පිණිස දුවන්නට හදන බල්ලෙකු වළක්වා ගන්නා තරමට ම අසීරු කාරියක් සේ විශ්වට දැනුණි. ලොව ම නිදන මහ රෑ වාහනයක් තුළ රූමත් ගඟනි ළඟ තනි වූ විශ්ව ජීවිත කාලයේ දී මෙතරම් ඉවසූ දිනයක් කිසිදාක තිබී නැත.
“හරි… මේ කරාබු දෙකත් දාමු. කෝ ඉන්න. හරි දැන්… ආයෙත් මගෙ පුංචි සුරංගනාවි, දැන් යමු. හැබැයි ආයෙ එහෙම මෙහෙන් පැනලා යන්න බෑ,”