හත්දින්නත් තාරුකාවේ අබිරහස

Special Price රු. 408.00 Regular Price රු. 480.00
Out of stock
SKU
hathdinnath-tharukawe-abirahasa-keerthi-lanka-sooriya

රාජිනියගේ ගෙල වටා පළඳ තිබුණේ සයිකැමෝ අතු භාවිතයෙන් වියා දඹරන් කෙඳි ආශ්‍රෙයන් වැඩ දමන ලද මාලයක් බව කෝබෙක් මහතා හඳුන්වා දුන්නේ ය. රන් කෙඳිවලින් නිර්මාණය කරන ලද දිගු මල්මාලයක්ද පාද යුවළ තෙක් දිගට පළඳවා තිබුණි. සිරුර හරහා දමා තිබුණේ ඉර හඳ තාරකාවන් මහ පොළොව වැනි නොයෙකුත් රූ කැටයම් කොට, මැණික් වැනි පාෂාණයකින් නිමවා රන් ඇසුරෙන් එකිනෙක සම්බන්ධ කොට තිබූ කොටස්වලින් යුතු මිණි මෙවුලක් වැනි ආභරණයකි. එහි අහසෙහි දකින සියලුම වර්ණයන් කැටිව තිබිණි. සිරුර දෙපස ගල් දෙණ තුළ තැන්පත්කොට තිබුණේ තාරුකා දිලෙන්නාක් මෙන් මැණික් කැට පෙළෙි දෙකක් ඔබ්බවා තිබූ තවත් රන් ආභරණ යුවළකි.

THE JEWEL OF SEVEN STARS යනු ‘ඩ්‍රැකියුලා’ නම් ලෝ පතළ නවකතාව ලියූ බ්‍රෑම් ස්ටෝකර්ගේ එබඳුම සන්ත්‍රාසය දනවන නවකතාවකි. The Blood from the Mummy’s Tomb, Bram Stoker’s Legend of the Mummy, The Awakening ඇතුළු චිත්‍රපට රැසක් මේ නවකතාව ඇසුරින් නිපදවා තිබේ.

Back to Top