ඉකිබිඳින නෙතු

Special Price රු. 351.00 Regular Price රු. 390.00
In stock
SKU
ikibidina-nelum-sinhala-nawakatha-nalin

ජීවිතයේ සෙඳුරුතම නිම්නය, තාරුණ්‍යය, සැබවින්ම විදිය යුතු රසාලිප්ත ගීයකි. තාක්ෂණයෙන්, මුදලෙන් යට ගිය සුන්දර මානුෂිය හැඟීම්, සංකල්පනා සියල්ල වර්තමානයේදී මිනිස් සිතින් ඈත්ව ගොසිනි. තාරුණ්‍යය රැල්ලටද අද ඒ සුළඟින් මිදෙන්නට හැකි වී නැත. තරගයට හති දමමින් දුවන තරුණ සිත් තුළ සොඳුරු තාරුණ්‍යය ගිලිහී ගොස්ය. නිසඟ හැකියාවන් දුරස් වී ගොස් කලාව විඳීමේ රස අමතක වී ගොස්ය.
සරල බසකින් නිමැවුණු ඉකිබිඳින නෙතු තාරුණ්‍යයේ ලියමන සාහිත්‍යමය අංගවලින් කෙසේ වුවද සොඳුරු බවින් අනූනය. දඟකාර, කෙළිලොල් තරුණ සිතක පත්ලෙන් හමන සුන්දර පෙමක වෘතාන්තය සැබවින් තරුණ රසික නෙත් සිත් දිනාගනු විශ්වාසයි...
සැබෑ තාරුණ්‍යය ජීවිතයක අත්දැකීමක්
සහෘද හදට ළං කරන මේ කථා පුවත ඕනෑම කෙනෙකුගේ නිමාවුණ තාරුණ්‍යය පවා සිහි ගන්වනු නොඅනුමානය. ශෝකාන්තයක් වුවද සොඳුරුතම වේදනාව වූ විරහ වේදනාව සුන්දර බසකින් වෘතාන්තයකට නංවා ඇති අපූරු කලාව කතුවරියගේ නිසඟ උපන් කලා හැකියාව යයි මාගේ හැගීමයි...
ඇයට සුභාශිංසන පතමින්, නවතින්නෙමි...
Back to Top