Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ඉකිබිඳින නෙතු

ඉකිබිඳින නෙතු

ප්‍රකාශක (Publisher): නලින් ප්‍රකාශන - Nalin Publisher
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ජීවිතයේ සෙඳුරුතම නිම්නය, තාරුණ්‍යය, සැබවින්ම විදිය යුතු රසාලිප්ත ගීයකි. තාක්ෂණයෙන්, මුදලෙන් යට ගිය සුන්දර මානුෂිය හැඟීම්, සංකල්පනා සියල්ල වර්තමානයේදී මිනිස් සිතින් ඈත්ව ගොසිනි. තාරුණ්‍යය රැල්ලටද අද ඒ සුළඟින් මිදෙන්නට හැකි වී නැත. තරගයට හති දමමින් දුවන තරුණ සිත් තුළ සොඳුරු තාරුණ්‍යය ගිලිහී ගොස්ය. නිසඟ හැකියාවන් දුරස් වී ගොස් කලාව විඳීමේ රස අමතක වී ගොස්ය.
සරල බසකින් නිමැවුණු ඉකිබිඳින නෙතු තාරුණ්‍යයේ ලියමන සාහිත්‍යමය අංගවලින් කෙසේ වුවද සොඳුරු බවින් අනූනය. දඟකාර, කෙළිලොල් තරුණ සිතක පත්ලෙන් හමන සුන්දර පෙමක වෘතාන්තය සැබවින් තරුණ රසික නෙත් සිත් දිනාගනු විශ්වාසයි...
සැබෑ තාරුණ්‍යය ජීවිතයක අත්දැකීමක්
සහෘද හදට ළං කරන මේ කථා පුවත ඕනෑම කෙනෙකුගේ නිමාවුණ තාරුණ්‍යය පවා සිහි ගන්වනු නොඅනුමානය. ශෝකාන්තයක් වුවද සොඳුරුතම වේදනාව වූ විරහ වේදනාව සුන්දර බසකින් වෘතාන්තයකට නංවා ඇති අපූරු කලාව කතුවරියගේ නිසඟ උපන් කලා හැකියාව යයි මාගේ හැගීමයි...
ඇයට සුභාශිංසන පතමින්, නවතින්නෙමි...
ISBN
9789554005013
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉකිබිඳින නෙතු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.