Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රැජින

රැජින ස්වර්ණ පුස්තක සම්මාන 2017

About this book

මේ වූ කලී, නාකි මහානාග රජුගෙන් මෙන්ම ලාබාල කුඩා තිස්ස රජුගෙන්ද කිසිදා ආදරය නොලැබුණු අසරණ බිසවකගේ කතාවය. එසේම, ආදරය උදුරා විසිකල මොහොතක අහම්බෙන් එය නැවත මුණ ගැසුණු මහ රැජිනකගේ කතාවය. එපමණකුදු නොව මිසරයේ ක්ලියෝපැට්රා රැජිනට මුළු හඳවතින්ම ආදරය කල අසාමාන්‍ය ගැහැනියකගේද කතාවය.

ISBN
9789554690059
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ★★★★★ රැජින
    රැජින වූ කලී අප කුඩා කල සිට අධ්‍යනය කරන්නා වූ ඉතිහාසයෙන් පරිබාහිරව සිතන්නට මගක් විවර කරන්නට සමත් මඩවලයන්ගේ එක් සොඳුරු සාහිත්‍ය නිර්මාණයකි.
    පිරිමි මූලික ජන සමාජය තුළ ගැහැනියකගේ පාලනය අසාර්ථක වන්නට හේතුවූයේ ගැහැනිය නොව පිරිමියාගේම ආකල්පම වූ බව මඩවලයන් තම නිර්මාණ භාවිතය තුළින් පෙන්වා දෙනු ලබයි.
    අන්තප්පුර අඟනුන් පිරිවරාගත් රජු වීරවරයා කරගත් සමාජයක අනුලාව කාමධේනුවක සේ අර්ථ දැක්වීම සාධාරන වේදැයි අප විසින් නැවත සිතා බැලීම අනිවාර්යයෙන්ම කළ යුතුය.
    පිරිමියා විසින් නිර්මාණය කරනු ලැබූ ජාතක පොත තුළ කාන්තාව චපලය යන්න ඉස්මතු කරන්නට සමත් වූවා සේම මහාවංශය තුළ ද ගැහැනිය නොව පිරිමියා ඉස්මතු කරන්නට උත්සාහ කර ඇති බව මඩවලයන්ගේ රැජින අධ්‍යනය කිරීමෙන් මාහට හැඟී යයි.
    කාන්තා නිදහස පිළිබඳ විවිධ මත පළවන වර්තමානය තුළ රැජින නව සංවාදයකට මුළ පුරන්නට කදිම තෝතැන්නක් වේ යැයි මා සිතමි
    Jimuth ·
Write a review
Write a review

You're reviewing: රැජින

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.