Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආදර කතා / ලොවීනා

ලොවීනා ස්වර්ණ පුස්තක සම්මාන 2014

About this book

කුලවත් පවුලකට උපන් රුවැති ප්‍රගල්භ එසේම බුද්ධිමත් තරුණියක වූ පුන්නාට සිදුවූයේ නරේන්ද්‍රසිංහ රජුගේ අන්තඃපුර කාන්තාවක්‌ බවට පත්වීමටය. එහිදී දස්‌කොන් අදිකාරම් සමග ඇති වූ අනියම් සම්බන්ධතාවක්‌ නිසා ගැබිනියක බවට පත්වූ ඇය රජුගේ උදහසට ලක්‌ වූවාය. එහි ප්‍රතිඵලය වූයේ සිය පවුලේ අයද සමග ඇය උඩුගල්පිටිය රොඩී කුප්පායමට පිටුවහල් කිරීමට නියම වීමය. එහෙත් දෙමාපියන්ගේ මිය යාම නිසා එසේ පිටුවහල් කිරීමට ඉතිරි වූයේ ඇය පමණි. බයියා නම් මහළු රොඩියාට පාවා දෙනු ලැබූ ඇය කාලයාගේ ඇවෑමෙන් රොඩී රැහේ බලගතුම වැඩිහිටි ගැහැණිය බවට පත්වූවාය. ඇගේ මිණිබිරියක වූ පිංචි, අපොන්සුවා නම් රජුගේ පරංගි සෙබළා සමග පැවැත්වූ රහස්‌ සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ලොවීනා නම් දැරිය බිහිවූවාය. කුලීන ජනයාගේ උදහසට ලක්‌ වීම නිසා උඩුගල්පිටිය කුප්පායමෙන් ඔවුන්ට පලායාමට සිදුවූ අතර අන්තිමේදී ඔවුන් ගොස්‌ නතර වූයේ ගල්කිස්‌ස මුහුද අද්දරය. මේට්‌ලන්ඩ් ආණ්‌ඩුකාරවරයා සහ ලොවීනා (පසුව ලැවීනියා) අතර අනියම් ආදර අන්දරය ගොඩනැගුනේ එහිදීය. 'ලොවීනා' නවකතාවේ සාරය වන්නේ එයයි.

ISBN
9789554690011
පිටු ගණන (Pages)
305
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. මගේ අදහස - ලොවීනා
    You should have read it at least once.
    හෂී රාක්කයේ ඇත ·
Write a review
Write a review

You're reviewing: ලොවීනා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.