පුංචි කුමාරිහාමි

Special Price රු. 225.00 Regular Price රු. 250.00
In stock
SKU
punchi-kumarihami-nandasena-sooriyaarachchi-sarasavi

කුමාරිගෙ මූණ දිගේ කඳුළු බින්දු එකින් එක ඇඳගෙන හිටිය රතුපාට හැට්ටෙට වැටෙනවා. ඒව වැටිල හැට්ටෙ අමුතු පාටක් ගැහෙන විත්තිය කුමාරිට තේරෙන්නෙ නැහැ. කුමාරිගෙ ඇස්දෙක හැරිල තියෙන්නෙ මිදුලෙ කොණක තිබුණ පහන් පැල පැත්තට. පහන් පැලේ ලස්සන බුද්ධ රූපයකුයි ඊයෙ පූජා කරපු මල් දෙක තුනකුයි තියෙනව. තව පැත්තකින් මැටි පහනක්. මැටිපහන කළු ගැහිලා. ඒ දිහා බලාගෙන ඉන්න කොට කුමාරිට මතක් වෙනවා පුංචි කාලෙ. කුමාරිට අම්ම කෙනෙක් හිටියලු. ඒ විත්තිය කිව්වෙ තාත්තා. කුමාරි දැක්කෙ නැහැ අම්මා මොනවගේ කෙනෙක්ද කියලා. ඒ වුණාට කුමාරිගෙ හිතේ ඇඳිල තිබුණ අම්ම මේ වගේ කෙනෙක් කියලා. කුමාරි ගේ ඉස්සරහත් තිබුණ පහන් පැලක්. ඒක මේ පහන් පැලට වැඩිය ලස්සනට තිබුණ. ඒකට මල් වැලක් දුවල තිබුණ. වටේටම වැවිල තිබුණ රෑ කුමාරි මල් ගස්. පහන පත්තු කරල ගේ ඇතුළට ගියාම රාත්තිරියට රෑ කුමාරි මල්වල සුවඳ එනව. ඒ සුවඳ පපුවේ පිරුණම කුමාරිගෙ හිතටත් සතුටුයි. ඒ වගේ සුවඳක් විඳන්න ඉතින් තවත් කවදාකවත් ඉඩක් නොලැබේවි කියලයි කුමාරි හිතන්නේ.

Back to Top