Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / පුංචි කුමාරිහාමි

පුංචි කුමාරිහාමි

About this book

කුමාරිගෙ මූණ දිගේ කඳුළු බින්දු එකින් එක ඇඳගෙන හිටිය රතුපාට හැට්ටෙට වැටෙනවා. ඒව වැටිල හැට්ටෙ අමුතු පාටක් ගැහෙන විත්තිය කුමාරිට තේරෙන්නෙ නැහැ. කුමාරිගෙ ඇස්දෙක හැරිල තියෙන්නෙ මිදුලෙ කොණක තිබුණ පහන් පැල පැත්තට. පහන් පැලේ ලස්සන බුද්ධ රූපයකුයි ඊයෙ පූජා කරපු මල් දෙක තුනකුයි තියෙනව. තව පැත්තකින් මැටි පහනක්. මැටිපහන කළු ගැහිලා. ඒ දිහා බලාගෙන ඉන්න කොට කුමාරිට මතක් වෙනවා පුංචි කාලෙ. කුමාරිට අම්ම කෙනෙක් හිටියලු. ඒ විත්තිය කිව්වෙ තාත්තා. කුමාරි දැක්කෙ නැහැ අම්මා මොනවගේ කෙනෙක්ද කියලා. ඒ වුණාට කුමාරිගෙ හිතේ ඇඳිල තිබුණ අම්ම මේ වගේ කෙනෙක් කියලා. කුමාරි ගේ ඉස්සරහත් තිබුණ පහන් පැලක්. ඒක මේ පහන් පැලට වැඩිය ලස්සනට තිබුණ. ඒකට මල් වැලක් දුවල තිබුණ. වටේටම වැවිල තිබුණ රෑ කුමාරි මල් ගස්. පහන පත්තු කරල ගේ ඇතුළට ගියාම රාත්තිරියට රෑ කුමාරි මල්වල සුවඳ එනව. ඒ සුවඳ පපුවේ පිරුණම කුමාරිගෙ හිතටත් සතුටුයි. ඒ වගේ සුවඳක් විඳන්න ඉතින් තවත් කවදාකවත් ඉඩක් නොලැබේවි කියලයි කුමාරි හිතන්නේ.

ISBN
9789553104342
පිටු ගණන (Pages)
116
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පුංචි කුමාරිහාමි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.