Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / මේ නිවාඩු කාලයයි

මේ නිවාඩු කාලයයි

About this book

දොළොස් හැවිරිදි ඇය පාසල් නිවාඩුව ඇරඹී දිනයේම සීයා සමග ඔහුගේ ගමට යන්නීය. නගරයේ සිට ගමට යන තුරුත්, එහි වෙසෙන කාලය තුළත් වැව් ගම්මානයක අපූරු අත්දැකීම් ලබන්නීය. විඳින්නීය.

රූපවාහිනිය, පරිගණකය, අන්තර්ජාලය, මුහුණු පොත දරුවන් බිලිගෙන ඇති මෙවන් යුගයක මේ නිවාඩු කාලයයි කෘතියේ එන දැරිය ලබන අත්දැකීම් මෙම පොත කියවන පාඨකයාට විස්මයජනක සිදුවීම් විය හැකිය. ඒ එදා පරිසරයේත් අද පරිසරයේත් ඇති වෙනස්කම් නිසාය. ඇතැම් විට එදා දුටු පරිසරය කොහේ කොතැනක හෝ දකින්නට ලැබුණද එදා ළමයා විඳි නිදහස හා චමත්කාරය ඒ පරිසරය තුළදී අද ළමයාට විඳින්නට නොලැබෙනු ඇත. එයට හේතුව අද ළමයා තරගකාරී අධ්‍යාපන රටාවකට හුරුව සිටීමය.

මෙහි කතුවරිය සෝමලතා වෛද්‍යරත්න විශ්‍රාමික හෙද නිලධාරිනියකි. ඇය තම බාල වියේදී ලද අත්දැකීම් ඇසුරෙන් ලියා ඇති මේ නිවාඩු කාලයයි. කෘතිය කියවන දරු දැරියන් පමණක් නොව වැඩිහිටියන්ද ඉමිහිරි ආස්වාදයක් ලබනු නියතය.

ISBN
9789553104380
පිටු ගණන (Pages)
111
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මේ නිවාඩු කාලයයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.