පාටකූරු

by
Special Price රු. 315.00 Regular Price රු. 350.00
In stock
SKU
patakuuru-tharindu-dananjaya-bandara-sarasavi

තරිඳු ධනංජය බණ්ඩාර කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනයය හදාරා, මේ වන විට කොළඹ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන වෛද්‍ය සිසුවෙකි. පාසල් වියේදිම ‘කොස් ඇට බට්ටා’ නමින් ළමා නවකතාවක් ලියා නිර්මාණ ක්ෂේත්‍රයට පිවිසි ඔහු තම නිර්මාණාත්මක හැකියාව කුඩා කල සිටම මැනවින් පෙන්වා ඇත.

ඔහුගේ දෙවැනි නවකතාව පාට කූරු. ජීවිතයට ළංවන විවිධාකාර ගැටලු ඉදිරියේ උදාසීන නොවීම මෙන්ම, අවාසනාව යය හඳුන්වන ඛේදජනක සිදුවීම්, ජීවිතයට ශක්තියක් යයි හඳුන්වන ඛේදජනක සිදුවීම්, ජීවිතයට ශක්තියක් කරගැනීමත් ජීවිතය දිනීමේ මඟක් බව ඉඟිකරන නවකතාවකි.

සමාජයේ විවිධ පුද්ගලයින් ගේ යහපත් ගතිගුණ හා ක්‍රියාවන් මෙන්ම වෙස් මුහුණු දමාගෙන තමන් ගේ සැබෑ ස්වරූපය හෙළිකරන්නට ද ලේඛකයා උත්සාහයක් දරා ඇත.

තමා ලියන දෙයින් කියවන්නා ගේ සිතුවිලිවලට නිදහසේ සැරිසරන්නට ඉඩ හසර මතුකර දීම නිර්මාණ කාර්යයේ නිරත ලේඛකයා ගේ වගකීමකි.

තරිඳු ධනංජය බණ්ඩාර ඒ වගකීම මැනවින් වටහාගෙන නිර්මාණ කාර්යයේ යෙදෙන්නෙකි.


කරුණා පෙරේරා

Back to Top