Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පාටකූරු

පාටකූරු

About this book

තරිඳු ධනංජය බණ්ඩාර කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනයය හදාරා, මේ වන විට කොළඹ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන වෛද්‍ය සිසුවෙකි. පාසල් වියේදිම ‘කොස් ඇට බට්ටා’ නමින් ළමා නවකතාවක් ලියා නිර්මාණ ක්ෂේත්‍රයට පිවිසි ඔහු තම නිර්මාණාත්මක හැකියාව කුඩා කල සිටම මැනවින් පෙන්වා ඇත.

ඔහුගේ දෙවැනි නවකතාව පාට කූරු. ජීවිතයට ළංවන විවිධාකාර ගැටලු ඉදිරියේ උදාසීන නොවීම මෙන්ම, අවාසනාව යය හඳුන්වන ඛේදජනක සිදුවීම්, ජීවිතයට ශක්තියක් යයි හඳුන්වන ඛේදජනක සිදුවීම්, ජීවිතයට ශක්තියක් කරගැනීමත් ජීවිතය දිනීමේ මඟක් බව ඉඟිකරන නවකතාවකි.

සමාජයේ විවිධ පුද්ගලයින් ගේ යහපත් ගතිගුණ හා ක්‍රියාවන් මෙන්ම වෙස් මුහුණු දමාගෙන තමන් ගේ සැබෑ ස්වරූපය හෙළිකරන්නට ද ලේඛකයා උත්සාහයක් දරා ඇත.

තමා ලියන දෙයින් කියවන්නා ගේ සිතුවිලිවලට නිදහසේ සැරිසරන්නට ඉඩ හසර මතුකර දීම නිර්මාණ කාර්යයේ නිරත ලේඛකයා ගේ වගකීමකි.

තරිඳු ධනංජය බණ්ඩාර ඒ වගකීම මැනවින් වටහාගෙන නිර්මාණ කාර්යයේ යෙදෙන්නෙකි.


කරුණා පෙරේරා

ISBN
9789553109309
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පාටකූරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.