පාලම යට

Special Price රු. 891.00 Regular Price රු. 990.00
Out of stock
SKU
palama-yata-kumasena-fonseka-suba

කුලසේන ෆොන්සේකාගේ පාලම යට තවත් සිංහල නවකතාවක් ලෙස හැඳින්වීම යුක්ති යුක්ත නොවේ යැයි මට හැඟුණි. මක්නිසාද කියතොත් එය මෙතෙක් කියවන්නට ලැබුණු ඒකාකාර ස්වරූපයක් දරන ගමකතා මෙන් නොව, අමුතු පරිසරයකින් මතුවන අපූරු චරිත හඳුන්වාදෙන අනන්‍ය සාධාරණ ආස්වාදයක් දෙන කෘතියක් බැවිනි. මෙතෙක් දවස් සිංහල භාෂාව නොසැලිකිලි ලෙස පරිහරණය කොට ඇති නවකතා කියවීමෙන් හෙම්බත් වූ පාඨකයාට මෙහි යොදා ඇති ව්‍යංජනා ශක්තියෙන් හා නිවැරදි යෙදුමෙන් ඔප් නැගුණු බස් වහර සැනසුම ගෙන දෙන්නක් බව කිව යුතුය. කතා කලාව හැසිරවීමෙහි ලා කතුවරයා දක්වන දුර්ලභ කෞෂල්‍යය පාඨකයාගේ විශේෂ අවධානයට ලක් කරනු කැමැත්තෙමි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

Back to Top