මන්ත්‍රකාරියගේ සිරස

Special Price රු. 675.00 Regular Price රු. 750.00
In stock
SKU
manthra-kariyage-sirasa-rider-haggard-chandrasiri-dayawansha

RIDER HAGGARD

THE WITCH'S HEAD

මන්ත්‍රකාරිය ගේ සිරස

එස්. චන්ද්‍රසිරි දසනායක

 

‘මන්ත්‍රකාරිය ගේ සිරස' නමැති මෙම නව කථාව, 1884 වසරේ දී එච්.රයිඩර් හැගාර්ඩ් විසින් ලියන ලද THE WITCH’s HEAD නමැති ඉංග්‍රීසි නව කථාවේ අසංක්‍ෂිප්ත සිංහල පරිවර්තනය යි.

මෙම කථාව අර්නස්ට්, ඩොරති, ෆ්ලෝරන්ස් හා ඊවා අතර හට ගන්නා ත්‍රිකෝණ ප්‍රේමයක් ඇසුරු කර ගනිමින් විහිදී යයි. ඩොරති හා ඇගේ සොහොයුරා වන ජෙරම්, රෙජිනෝල්ඩ් කාර්ඩස් ගේ නිවසේ ආනථයින් ලෙස හැදී වැඩෙති. රෙජිනෝල්ඩ් වනාහී පළි ගැනීමේ අරමුණු කර ගනිමින් ජීවත් වෙන තැනැත්තෙකි.

මුහුදු කෑමකට ලක්ව වරින් වර මුහුදු ජලයෙන් සේදී යමින් පැවති ඉපැරණි තින්බර්ග් දේවස්ථානයට අයත් සොහොන් බිමේ සෑරී ඇති අගාධයක තිබී ඊවා විසින් සොයා ගන්නා ලද අල්ලුවක් සහිත අපූරු ලෝහමය පෙට්ටියක බහා තිබුණේ 'මන්ත්‍රකාරිය ගේ සිරස' යි.

අර්නස්ට් මුලින් ෆ්ලෝරන්ස්ට ආදරය කර දෙවනුව ඇගේ සොහොයුරිය වන ඊවාට පෙම් කිරීමට යාම නිසා ෆ්ලෝරන්ස් කෝපයෙන් වියරු වැටෙමින් බියකරු පළිගැනීමක නිරත වන්නී ය.

මන්ත්‍රකාරිය ගේ සිරස පළි ගන්නන් ගේ අත් හසුරුවන බලවේගයක් බවට පත් වෙමින් ඔවුන් ගේ අරමුණු ඉටු කර දෙන්නේ බියකරු විලාසයකිනි.

මෙය රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු ශෛලියෙන් බැහැර වූ අමුතුම ආකෘතියක් මත ගොඩනැගුණු ප්‍රබන්ධයකි.

Back to Top