Back to Top
සොලමන් රජුගේ දියමන්ති ආකර
Special Price
රු. 990.00
Regular Price
රු. 1,100.00
In stock
SKU
solaman-rajuge-diyamanthi-akara-rider-haggard-chandra-dayawansha
සර් හෙන්රි රයිඩ්ර් හැගාර්ඩ් (1856-1925) විසින් ලියන ලද හතළිහක් පමණ වූ පොත් අතුරින් ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූයේ ඔහුගේ තුන්වන පොත වන King Solomon's Mines නමැති මෙම කෘතියයි. සොලමන් රජුගේ දියමන්ති ආකර හා නිදන් සොයා දකුණු අප්‍රිකාවේ සිට ගිනි ගෙන දැවෙන මහා කාන්තාරය හරහා ද හිමෙන් වැසී ගත් සොලමන් මහා කඳු වැටිය හරහා ද අති දුෂ්කර හා බිහිසුණු ගමනක යෙදෙන යුරෝපීයයන් තිදෙනෙකු මුහුණ දෙන ත්‍රාසයෙන් පිරි විවිධ අත්දැකීම් අති චමත්කාර ජනක අන්දමට මෙහි වරණවත් කෙරී ඇත. අවුරුදු ගණනාවක් දකුණු අප්‍රිකාවේ රාජකාරියේ යෙදී සිටි රයිඩර් හැගාර්ඩ් එරට අභ්‍යන්තරයේ ගෝත්‍රිකයන්ගේ ජීවන රටාව හා සංස්කෘතිය මනාව විදහා දැක්වීමක් ද මේ පොත තුළින් ඉටු කරයි. මේ එම කෘතියේ සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි.