එකොළොස් ගිනි

Special Price රු. 427.50 Regular Price රු. 475.00
Out of stock
SKU
ekolos-gini-tenison-perera-sarasavi

ගර්හිත වාණිජ සමාජයේ හිත පමණක් නොව, කයද උත්තේජනය උදෙසා පුද දුන්, නිල බලය හා පුරුෂ බලය අබියස සිය සන්තානය ශෝකාලාපයක් කර ගන්නා, සමකාලීන දිරිය ගැහැනියකගේ ඛේදවාචකය සිහින් සෙරෙන් නින්නාද කරවන ප්‍රබන්ධයක් සේ ‘එකොළොස් ගිනි’ නම් කළ හැක.

සබඳ, සාහිත්‍ය සේවනයෙන් ඔකඳ වූ ඔබ මෙහි එන හේමලතා මැණිකේ, ‘චැටර්ලි ආර්යාවගේ පෙම්වතා’ නම් ප්‍රබන්ධයේ කොනී යය නොසිතන්න. ‘මැඩම් බෝවාරිහි’ එමා යැයිද නොසිතිය යුතුය. ‘බෑඩ් ගර්ල්හි’ නරකම ගැහැනියද නොවන්නීය. ඇය වූ කලී මෙම ප්‍රබන්ධයේ කතුවරයා මව්බිමේ දී සියැසින් දුටු මිනිස් ආත්මයක සිරගත වූ සැබෑම ගැහැනියකම වන්නීය.

Back to Top