කෙම්බිමට ගමනක්

Special Price රු. 495.00 Regular Price රු. 550.00
In stock
SKU
kembimata-gamanak-isuru-prasanga-sarasavi
මෙය එක අතකින් අහම්බ, දෛවයෝගය, ඇදහිය නොහැකි පුදුමාකර සීදුවීම් පිරුණු ආස්වාදජනක වීර කතාවක් බඳුය.යහපත් මඟක් ඔස්සේ ජීවන සාර්ථකත්වය කරා ගිය විශිෂ්ටයෙකුගේ ආදර්ශවත් කතාවක් ලෙසද අවශ්‍ය නම් මෙ හැඳින්විය හැකිය.. එහෙත් ඒ සියල්ලට වඩා මෙහි ඇති වැදගත්කම වනුයේ මෙය හුදු පුද්ගලයෙකුට වඩා මේ රට පිළිබඳ ගැඹුරු කතාවක් වීමය. ශක්තිමත් ජාතික ආර්ථිකයක් උදෙසා රටට අවශ්‍ය උපායමාර්ගික වැඩපිළිවෙල කුමක්ද යන සංවාදයට මේ කෘතිය කිසියම් දායකත්වයක් සපයා දෙනුයේ, ආර්ථික විමුක්තිය උදෙසා මෙරට දෑ හිතකාමී බලවේග පසුගිය අශක කිහිපය තිස්සේ දියත් කළ අනවරත අරගලයේ ඉතිහාසයද ඔබ හමුවේ තබමිනි...
ආරියසීල වික්‍රමනායකගේ කතාව යනු මේ සියල්ල පිළිබඳ කතාවය. ස්වාධීනව නැඟි සිටීමේ අසීමිත විභවතා සහිත ශ්‍රී ලංකාව වැනි රටක් නිකරුණේ නැති නාස්ති වී යාමේ අඳුරු ඉරණම වෙනස් කළ හැක්කේ කෙසේද? මේ ප්‍රශ්නයට ඔහු කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද පිළිතුරු සම්පාදනය කළේය. ආරියසීල වික්‍රමනායකගේ ජීවිතය සහ අරගලය පිළිබඳ කතාව පොදු පාඨකයාටත්, මේ රටටත් අදාළ එකක් වන්නේ ඒ නිසාය..
Back to Top