Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / චරිතාපදාන / කෙම්බිමට ගමනක්

කෙම්බිමට ගමනක්

About this book
මෙය එක අතකින් අහම්බ, දෛවයෝගය, ඇදහිය නොහැකි පුදුමාකර සීදුවීම් පිරුණු ආස්වාදජනක වීර කතාවක් බඳුය.යහපත් මඟක් ඔස්සේ ජීවන සාර්ථකත්වය කරා ගිය විශිෂ්ටයෙකුගේ ආදර්ශවත් කතාවක් ලෙසද අවශ්‍ය නම් මෙ හැඳින්විය හැකිය.. එහෙත් ඒ සියල්ලට වඩා මෙහි ඇති වැදගත්කම වනුයේ මෙය හුදු පුද්ගලයෙකුට වඩා මේ රට පිළිබඳ ගැඹුරු කතාවක් වීමය. ශක්තිමත් ජාතික ආර්ථිකයක් උදෙසා රටට අවශ්‍ය උපායමාර්ගික වැඩපිළිවෙල කුමක්ද යන සංවාදයට මේ කෘතිය කිසියම් දායකත්වයක් සපයා දෙනුයේ, ආර්ථික විමුක්තිය උදෙසා මෙරට දෑ හිතකාමී බලවේග පසුගිය අශක කිහිපය තිස්සේ දියත් කළ අනවරත අරගලයේ ඉතිහාසයද ඔබ හමුවේ තබමිනි...
ආරියසීල වික්‍රමනායකගේ කතාව යනු මේ සියල්ල පිළිබඳ කතාවය. ස්වාධීනව නැඟි සිටීමේ අසීමිත විභවතා සහිත ශ්‍රී ලංකාව වැනි රටක් නිකරුණේ නැති නාස්ති වී යාමේ අඳුරු ඉරණම වෙනස් කළ හැක්කේ කෙසේද? මේ ප්‍රශ්නයට ඔහු කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද පිළිතුරු සම්පාදනය කළේය. ආරියසීල වික්‍රමනායකගේ ජීවිතය සහ අරගලය පිළිබඳ කතාව පොදු පාඨකයාටත්, මේ රටටත් අදාළ එකක් වන්නේ ඒ නිසාය..
ISBN
9789553113177
පිටු ගණන (Pages)
348
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කෙම්බිමට ගමනක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.