සියවැන්නී
"කිසිම උද්වේගයක් නැති, ගැටුමක් නැති, සමාජ දේශපාලන අන්තර්ගතයක් නැති, සරල පුද්ගල මනෝභාවයක් ගැන නවකතාවක් ලියන්න පුළුවන්ද කියලා අපි ඒ දවස්වල වාද කළා මතකද?
"ඔව්. එත් මේ වෙද්දි නෑ කියපු හැමදේම කවුරුත් නොහිතපු විදිහට ඒ කතාවට ඉබේම කඩා වැදිලා ඉවරයි. චූල පුද්ගල මනෝභාවයක් මේ විදිහට සමාජ දේශපාලන ගැටුම් එක්ක පැටලෙයි කියන එක ටිකක් අවිශ්වාසනීය, අභව්‍ය සිදුවීමක් නෙමෙයිද?”
"එතකොට චූල පුද්ගල මනෝභාවය මහා දේශපාලනේටත් බලපෑම් කරලා මිනිස්සු කීපදෙනෙක්ගේ හරි ඉරණම වෙනස් කළා කියන එක ඊටත් වඩා අවිශ්වාසනීය නැද්ද?"
"මට නම් ඔය හැමදේටම වඩා අභව්‍ය සිදුවීම තමයි මම තාමන් නිශ්චල ඡායාරූප දිහා බලාගෙන වර්ණ රසිකාගේ කවියෙන් හිත පාරවා ගන්න එක."
ලොකු කර කුඩා කර බලමි
අවසන් පින්තූරයෙහි
ඔබ සිටින ඉරියව්ව..
සිත් රිදුමක සලකුණු වෙද?
මොහොතකට පෙර හඬා තිබුණිද?
ළගන්නාසුලු සින්‍යාව
මවාපෑමක්ද? සැබෑවක්ද?
ළය මත තබාගත් දකුණත
ප්‍රේමයෙන් සිටින බවද?
හෘදය නිරතුරුව රිදෙන බවද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.