මදුරාසි කෙල්ල
විජී...මදුරාසි කෙල්ලෙක්. මදුරාසියෙ මුඩුක්කුවක...අම්මයි, නංගියි එක්ක.. තනි වෙච්ච කෙල්ලෙක්.. අනිත් ළමයින්ට වගේම විජීටත් තිබුණෙ හරි පුංචි බලාපොරොත්තු... බෝනික්කෙක්... පුළුන් වලහෙක්... අලුත් ගවුමක්... විජීගේ පහළොස් වෙනි උපන්දිනේ දවසෙත් විජී බලාගෙන හිටියෙ උපන්දින තෑග්ග විදිහට අම්මා විජීට අලුත් ගවුමක් අරන් දෙයි කියලා... ඒත් විජීට ලැබුණ තෑග්ග ඒක නෙවෙයි..." තිර පරීක්ෂණයක්... චිත්‍රපටි නිළියක් වෙන්න "තිර පරීක්ෂණයක්... එතනින්... මදුරාසියෙ ලාබ හෝටල් කාමර වල රූගත කෙරෙන "නිල් චිත්‍රපටි" වල "රඟපාන" නිළියක් විදිහට...ඊට පස්සෙ... මදුරාසියෙන් බොම්බායට... බොම්බායේ "නිල් චිත්‍රපටි" වලට ඊට පස්සෙ.. චිත්‍රපටි තැරැව්කාරයෙකුගෙ අනියම් බිරිඳක් විදිහට...ඊටත් පස්සෙ...මැර දේශපාලකයෙකුගෙ සුරතලියක් විදිහට... කටුක දුරක් ගෙවාගෙන ආපු මේ මදුරාසි කෙල්ල,
බොම්බායේ හීන පුරය "බොලිවුඩ්" වලට පාර හොයා ගත්තා...බොලිවුඩ් වලදී "ආශාරාණි" වෙලා ආපහු අලුතින් ඉපදුණා... මුළු රටක් වසඟ කරගත්ත, සුපිරි බොලිවුඩ් තරුව "ආශාරාණි.." සිය දහසකගෙ පෙම්වතිය "ආශාරාණි.." මේ ඇගේ කතාව...
තිරයෙන් දකින සුන්දර ගැහැණුන්ගෙ අසුන්දර ඇත්ත කතාව....