ගුරු ගීතය - විදර්ශන ප්‍රකාශන

Special Price රු. 405.00 Regular Price රු. 450.00
In stock
SKU
guru-geethaya-chinghiz-jayanthalal-rathnasekara-vidarshana
.... මේ අපූරු කතාව,ඊට හානියක් නොවන පරිද්දෙන් මුළුමනින් ම ඔබ වෙත ගෙන ඒමට මා අසමත් වේ යැයි මා තුළ බියක් පවතී. ඒ නිසාම, ‌මෙම වටිනා කතාන්දරය සමාජය ඉදිරියේ තබන්නට, ඔබගේ සහයෝගය, ඔබගේ මඟ පෙන්වීම මට අවශ්‍යය. අඩුම තරමින්, මනසින් හෝ මා සමග මගේ සිතුවම් අතර රැදී සිටිනා ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.‌ මෙම කතාන්දරය අසා සිටියදී ඔබේ හදපත්ලෙන් නැගෙන සෝ සුසුම්, දෙනෙතට නැගෙන තුටු කඳුළු මා සමඟ බෙදාගන්නා ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. මෙම කතාන්දරය අසා සිටියදී ඔ‌බේ හදපත්ලේ උණුසුම වැඩි වුවහොත් ඒ ගැන කලබල නොවන්න....

මෙය සැබෑවටම වටිනා කතාන්දරයකි. මෙය සැබෑ මිනිසෙකුගේ, සැබෑ ගුරුවරයෙකුගේ අපූරු කතාන්දරයකි. කීර්ගීස් ජාතික සෝවියට් ලේඛකයෙකු වූ චීන්ගිස් අයිත්මාතව් (1928-2008) විසින් රචිත "පළමුවන ගුරුවරයා" නමැති මෙම කෙටි නවකතාව මුළු ලෝකය පුරා විශාල පාඨක පිරිසකගේ ආදරය දිනාගත් කෘතියකි.
මෙම අසංක්‍ෂිප්ත පරිවර්තනය සෘජුව ම රුසියානු බසින් සිංහලට නගන ලද්දකි.

Back to Top