ගුරු ගීතය - විදර්ශන ප්‍රකාශන
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
ප්‍රගති - Pragathi
Softcover
සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo
Softcover
විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers
Softcover
Selected
උදය ප්‍රකාශන - Udaya Publishers
Softcover
කෙහෙලි ප්‍රකාශකයෝ - Keheli Publishers
Softcover
සඳුනි ප්‍රකාශකයෝ - Sanduni Publishers
Softcover
අගහස් ප්‍රකාශන - Agahas Prakashana
Softcover
කැනොල් ප්‍රකාශන නිවස - Kanol Publishing House
5623
සන්ථව ප්‍රකාශන Santhawa Prakashana
Softcover
About this book
.... මේ අපූරු කතාව,ඊට හානියක් නොවන පරිද්දෙන් මුළුමනින් ම ඔබ වෙත ගෙන ඒමට මා අසමත් වේ යැයි මා තුළ බියක් පවතී. ඒ නිසාම, මෙම වටිනා කතාන්දරය සමාජය ඉදිරියේ තබන්නට, ඔබගේ සහයෝගය, ඔබගේ මඟ පෙන්වීම මට අවශ්‍යය. අඩුම තරමින්, මනසින් හෝ මා සමග මගේ සිතුවම් අතර රැදී සිටිනා ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. මෙම කතාන්දරය අසා සිටියදී ඔබේ හදපත්ලෙන් නැගෙන සෝ සුසුම්, දෙනෙතට නැගෙන තුටු කඳුළු මා සමඟ බෙදාගන්නා ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. මෙම කතාන්දරය අසා සිටියදී ඔබේ හදපත්ලේ උණුසුම වැඩි වුවහොත් ඒ ගැන කලබල නොවන්න....
මෙය සැබෑවටම වටිනා කතාන්දරයකි. මෙය සැබෑ මිනිසෙකුගේ, සැබෑ ගුරුවරයෙකුගේ අපූරු කතාන්දරයකි. කීර්ගීස් ජාතික සෝවියට් ලේඛකයෙකු වූ චීන්ගිස් අයිත්මාතව් (1928-2008) විසින් රචිත "පළමුවන ගුරුවරයා" නමැති මෙම කෙටි නවකතාව මුළු ලෝකය පුරා විශාල පාඨක පිරිසකගේ ආදරය දිනාගත් කෘතියකි.
මෙම අසංක්‍ෂිප්ත පරිවර්තනය සෘජුව ම රුසියානු බසින් සිංහලට නගන ලද්දකි.
Details
ISBN
97895515591013
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
-
පලමුවන ගුරුවරයා හෙවත් ගුරු ගීතය - චින්ගිස් අයිතමතව් පරිවර්තනය : දෑදිගම වි. රොද්රිගෝමෙය ප්‍රගති - Pragathi ප්‍රකාශනය පිළිබඳ විචාරයකිමෙය රුසියන් සාහිත්යයෙ එන සුන්දර කියවීම් අත්දෑකිමකි.
මම මෙය එක හුස්මට දවසින් කියෙව්වෙමි.
මා එතෑන් පටන් මෙම පොතට වශිවි සිටියෙමි. ඉතාම සුන්දර මෙන්ම ගෑඹුරු මානව සම්බ්න්දතා ඉතා ස0වේදිව කතුවරයා නිරුපනය කර ඈත.
මෙහි එන දුයිශෙන් ගේ චරිතය ඔබ තුල සදා කාලිකව රෑව්දෙනු ඈත.
එය ඉතාම සුන්දර මෙන්ම දුක්බර කතාවකි.
රුසියනු සාමාජයේ එන සහිත්‍යය හා බද්ද වු වීරත්වය ශරිරයට උණු ලේ පොම්ප කරයි. එය රුසියන් සාහිත්යයෙ එන අවෙනික ලක්ශනයකි. එසේ ඔබට හෑගෙන්නේ නෑත්නම් රුසියන් සහිත්යය නොකියවන්න.
ඉතාම මානවවාදි අත්දෑකිමක් අවශ්යනම් "ගුරු ගීතය" කදිම කෘතියකි.
Write a review