Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ගුරු ගීතය - සුසර

ගුරු ගීතය - සුසර

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
අනේ, අනේ පොප්ලරයෙනි! නුඹලා ලපටි පැළයන්ව සිට දැන් ලොකු ගස් දක්වා වැඩී සිටිති. මේ කාලයේදී කොතරම් දේවල් වෙනස් වී තිබේද! නුඹලා සිටවමින්, බලාපොරොත්තු බවේ සිහින දුටු ඒ පුද්ගලයා කී අනාවැකි සියල්ල ඉටු වී තිබේ. ඇයි නුඹලා මේ තරම් දුක්මුසු බවකින් සුසුම්ලන්නේ, කුමක් නිසාද, හඬා වැලපෙන්නේ? ළඟ ළඟම ශිත කාලය එන බැවින් නුඹලාගේ අතුවල කොළ හැලී යන නිසාද? ජනතාවගේ දුක් ගැහැට වඳ දරාගැනීමට බැරි නිසාද? ඔව්, ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුුරු සුළි සුළං හමාවී. එහෙත් වසන්තය එනවා සත්තයි.
ISBN
9789550065677
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. පලමුවන ගුරුවරයා හෙවත් ගුරු ගීතය - චින්ගිස් අයිතමතව් පරිවර්තනය : දෑදිගම වි. රොද්‍රිගෝ
    මෙය ප්‍රගති - Pragathi ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    මෙය රුසියන් සාහිත්යයෙ එන සුන්දර කියවීම් අත්දෑකිමකි.

    මම මෙය එක හුස්මට දවසින් කියෙව්වෙමි.

    මා එතෑන් පටන් මෙම පොතට වශිවි සිටියෙමි. ඉතාම සුන්දර මෙන්ම ගෑඹුරු මානව සම්බ්න්දතා ඉතා ස0වේදිව කතුවරයා නිරුපනය කර ඈත.

    මෙහි එන දුයිශෙන් ගේ චරිතය ඔබ තුල සදා කාලිකව රෑව්දෙනු ඈත.

    එය ඉතාම සුන්දර මෙන්ම දුක්බර කතාවකි.

    රුසියනු සාමාජයේ එන සහිත්‍යය හා බද්ද වු වීරත්වය ශරිරයට උණු ලේ පොම්ප කරයි. එය රුසියන් සාහිත්යයෙ එන අවෙනික ලක්ශනයකි. එසේ ඔබට හෑගෙන්නේ නෑත්නම් රුසියන් සහිත්යය නොකියවන්න.

    ඉතාම මානවවාදි අත්දෑකිමක් අවශ්යනම් "ගුරු ගීතය" කදිම කෘතියකි.
    Dimantha ·
Write a review
Write a review

You're reviewing: ගුරු ගීතය - සුසර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.