කුමාරයා

Special Price රු. 807.50 Regular Price රු. 950.00
Out of stock
SKU
makiyaweli-kumaraya-nikolai-premachandra-alwis-sooriya

නිකොලොයි ඩි බර්- නාර් - ඩෝ මකියාවෙලී විසින් රචිත THE PRINCE (කුමාරයා) නම් කෘතිය ඉතාලියේ දේශපාලන කරලියෙහි පමණක් නොව ලෝක දේශපාලන ක්ෂේත්‍රයෙහිද ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් ග්‍රන්ථයකි. නිකොලොයි මකියාවෙලී "කුමාරයා" ලියූ කාලයේ ඉතාලියෙහි පැවැති දේශපාලන පරිසරය සහමුලින් වෙනස් කිරීම අරමුණු කොට ගෙන ඔහු ඒ කාර්යයෙහි නියුක්ත වී ඇතැයි මැදහත් සිතින් “කුමාරයා” දෙස බලන දේශපාලන විචාරකයෝ ප්‍රකාශ කරති. ඉතාලිය ආක්‍රමණය කළ “ම්ලේච්ඡයන්ගෙන්” රට ආරක්ෂා කර ගැනීම සඳහා මෙඩිසි පවුල පෙළැඹවීම මකියාවෙලීගේ සමීපතම අරමුණ වී ඇතැයිද ඒ විචාරකයෝ කියති. 

එහෙත් ඊට හාත්පසින්ම වෙනස් දෘෂ්ටි කෝණයකින් "කුමාරයා" දෙස බැලූ විචාරකයෝ එය නිර්දය විවේචනයට ලක් කළහ. දෝෂාරෝපණයට භාජන කළහ. ඊට දිගට හරහට පහර දෙන්නට පටන් ගත්හ. තම අරමුණ ඉටු කර ගැනීම සඳහා කෙනෙකු අනුගමනය කරන ක්‍රියා මාර්ගය විනා සදාචාරය එහිලා වැදගත් සාධකයක් නොවේයැයි මකියාවෙලී "කුමාරයා" මඟින් එළි දක්වාඇති මතය එකී විවේචනවලටත් දෝෂාරෝපණවලටත් පදනම් වූවාට සැකයක් නැත. මකියාවෙලීගේ “කුමාරයා” දුෂ්ට පාලකයනටම පමණක් ගැළපෙන නරුම සිද්ධාන්ත සංග්‍රහයකැයි ඒ ඒ විවේචකයෝ කීහ. 

එසේ වුවද “කුමාරයා” ප්‍රකාශයට පත් වුණු දහ සය වැනිසිය වසේ මුල් භාගයේ පටන්ම ඒ පිළිබඳ විවාදාත්මක කරුණු සාකච්ඡාවට භාජන වූ බවද විචාරකයෝ ප්‍රකාශ කරති. එපමණක් නොව සමකාලීන සමාජ චින්තනය පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් බවට මෙන්ම වෙනත් ශ්‍රේෂ්ට කෘතිවලටත් දේශපාලන නන්‍යායකට හා පුනරුද සංස්කෘතියටත් සාධකයක් බවටද "කුමාරයා" පත් විය යන්න තවත් විචාරකයන්ගේ මතයයි. 

එසේ පක්‍ෂ හා විපක්‍ෂ විවිධමතිමතාන්තරවලට පාදක වූ “කුමාරයා” කෘතියෙහි අන්තර්ගත දෘෂ්ටිය අදත් ලෝක දේශපාලන කරලියෙන් බැහැර නොවී පවත්නේ එහි යම් සදාතනික වටිනාකමක් ඇති නිසා ම බව නිසැකය.

Back to Top