Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book
නිකොලොයි ඩි බර්-නාර්-ඩෝ මකියාවෙලී විසින් රචිත THE PRINCE (කුමාරයා) නම් කෘතිය ඉතාලියේ දේශපාලන කරලියෙහි ආන්දෝලනයකට තුඩු දුන් ග්‍රන්ථයකි. නිකොලොයි මකියාවෙලී "කුමාරයා" ලියූ කාලයේ ඉතාලියේ පැවති දේශපාලන පරිසරය සහමුලින් වෙනස් කිරීම අරමුණු කොට ගෙන ඔහු ඒ කාර්යයෙහි නියුක්ත වී ඇතැයි මැදහත් සිතින් "කුමාරයා" දෙස බලන දේශපාලන විචාරකයෝ ප්‍රකාශ කරති. ඉතාලිය ආක්‍රමණය කළ "ම්ලේච්ඡයන්ගෙන්" රට ආරක්ෂා කර ගැනීම සඳහා මෙඩිසි පවුල පෙළැඹවීම මකියාවෙලීගේ සමීපතම අරමුණ වී ඇතැයිද ඒ විචාරකයෝ කියති. එහෙත් ඊට හාත්පසින්ම වෙනස් දෘෂ්ටි කෝණයකින් "කුමාරයා" දෙස බැලු විචාරකයෝ එය නිර්දය විවේචනයට ලක් කළහ. දෝෂාරෝපණයට භාජන කළහ. ඊට දිගට හරහට පහර දෙන්නට පටන් ගත්හ. තම අරමුණ ඉටු කර ගැනීම සඳහා කෙනෙකු අනුගමනය කරන ක්‍රියාමාර්ගය විනා සදාචාරය එහිලා වැදගත් සාධකයක් නොවේයැයි මකියාවෙලී "කුමාරයා" මඟින් එළි දක්වා ඇති මතය එකී විවේචනවලටත් දෝෂාරෝපණවලටත් පදනම් වුවාට සැකයක් නැත. මකියාවෙලීගේ "කුමාරයා" දුෂ්ට පාලකයන්ටම පමණක් ගැලපෙන නරුම සිද්ධාන්ත සංග්‍රහයකැයි ඒ විවේචකයෝ කීහ. එසේ වුවද "කුමාරයා" ප්‍රකාශයට පත් වුණු දහ සය වැනි සිය වසේ මුල් භාගයේ පටන්ම ඒ පිළිබඳ විවාදාත්මක කරුණු සාකච්ඡාවට භාජනය වූ බවද විචාරකයෝ ප්‍රකාශ කරති. එපමණක් නොව සමකාලීන සමාජ චින්තනය පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් බවට මෙන්ම ශ්‍රේෂ්ට කෘතිවලටත් දේශපාලන න්‍යායකට හා පුනරුද සංස්කෘතියටත් සාධකයක් බවටද "කුමාරයා" පත් වීය යන්න තවත් විචාරකයන්ගේ මතයයි
ISBN
9789559348787
පිටු ගණන (Pages)
178
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කුමාරයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.