Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / කිතුල හා පැණිහකුරු

කිතුල හා පැණිහකුරු

About this book

කිතුල් මල් මැදීම හා පැණි හකුරු තැනීම මෙරට විදුහුරු සංස්කෘතියේ පරම්පරා හිමිකමකි. මධ්‍ය කඳුකර වාසී කිතුලේ පැණි - හකුරු රසය මුළු දිවයිනට ම හුරු ය. එහෙත්, කිතුලේ ජනශ්‍රැති හා කිතුල් සම්ප්‍රදාය ආශ්‍රිත විදුහුරු තොරතුරු අප්‍රකට ය. කිතුල ජාතියක් නිරෝගී කරන වෘක්ෂය වේ. දළදා හාමුදුරුවන්ට දෛනිකව කිතුල් ඇල්තෙලිජ්ජ පිරිනමන්නේ ද, සිරිලක රජුට පැණි පංගුවේ රාජකාරිකරුවන් සිටියේ ද කිතුලේ පැණි - හකුරු උරුමය ප්‍රබල බැවිනි. 

කිතුලෙන් මහරු විදෙස් විනිමය අපට නෙළාගතහැකි ය. නමුත් අප ඇබ්බැහි කර තිබෙනුයේ, ජාතිය රෝගී කරන උක් සීනි කෙරෙහි ය. කිතුල ආශ්‍රිත විද්‍යාත්මක පර්යේෂණ සිදු නොවීම මෙහි මුඛ්‍ය ගැටලුවයි. කිතුලෙන් මෙරට පැණි හකුරු අවශ්‍යතා ඉටුකළ හැකි බවට විශ්වාසයක් නොතිබීම අනෙක් ගැටලුව යි. 

රාජ්‍ය සම්මානිත ප්‍රවීණ ජනශ්‍රැති ලේඛක ගුණසේකර ගුණසෝම සහ කෘෂි සම්පත් කළමනාකරණය හා තාක්ෂණය (විශේෂ) උපාධිධාර්ණ පූජනී ගුණසේකර පිය - දියණි දෙපළ කිතුලට පෙම් බඳින ලද්දේ ජාතික උවදුරකට පිළියම් සෙවීම පිණිසය. 'කිතුල හා පැණිහකුරු' පිය - දියණි පර්යේෂණයේ ප්‍රතිඵලයයි. සැබැවින් ම මේ කෘතිය අධ්‍යයනය කරන පොදු පාඨක කාටත් කිතුලයනු කල්ප වෘක්ෂයක් මැ නොවේදැයි සිතෙනු ඇත. ජනශ්‍රැතියත්; ශාක විද්‍යාවත්, ජාතික අවශ්‍යතාවත්; මැනැවින් කළමනාකරණය වූ 'කිතූල හා පැණිහකුරු' මෙතෙක් මේ විෂය ආශ්‍රිතව ලියවුණු පළමු පුරෝගාමී පර්යේෂණ කෘතිය වේ. එහෙයින් මෙය කිතුලේ අස්පර්ශනීය උරුමය සංරක්ෂණය ද විද්‍යාත්මක චින්තනයේ පෝෂණය ද මැනැවින් ඉටු වූ කෘතියකි. එනිසාම මේ කෘතිය කිතුල් පැණිහකුරු සේ රසවතත් ය.

- ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත

Details
ISBN
9789556564112
පිටු ගණන (Pages)
418
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: කිතුල හා පැණිහකුරු

Reviews are published once a member of our team has read them.