අහිමි සෙනෙහස

Special Price රු. 360.00 Regular Price රු. 450.00
Out of stock
SKU
ahimi-senehasa-jennings-michael-l-s-s-pathirathna-wijesooriya

ජෙනිංග්ස් මයිකල් බර්ච් සිය දුක්මුසු හුදෙකලා චාරිකාව අරඹන්නේ වයස අවුරුදු අටේදීය. දරුවන් රැකබලා ගැනීමට නොහැකි ලෙස අසනීපයෙන් පසුවූ අම්මා ඔහු අනාථ නිවාසයක් වෙත රැගෙන ගියේ වහා ආපසු පැමිණෙන පොරොන්දුවත් සමඟිනි. අනතුරුව එවැනි නිවාස කීපයකම අවාසනාවන්ත ජීවිතයක් ගත කළ ඔහුට කිසිදින මිතුරෙකු නොසිටියේ ඒ කිසිදු ස්ථානයක ප්‍රමාණවත් කාලයක් ජීවත් නොවූ නිසාය. තම තනිකමේ අඳුරු වේදනාව සමනය කර ගැනීම සඳහා ඔහුට සිටියේ කිලිටි රෙදි බෝනික්කෙක් පමණකි. ඒ බිය දනවන පරිසරයන් තුළ ඔහුට තිබූ උණුසුමත් ආරක්ෂාවත් බෝනික්කා විය.

මේ ඔහුගේ අහිමි වී ගිය ළමා විය පිළිබඳ අනුවේදනීය කතාව පමණක් නොව සෙනෙහස සොයා ගිය තවත් පිරිසකගේ කතාවයි.

Back to Top