Back to Top
මටම අහිමි මම 2
Special Price
රු. 742.50
Regular Price
රු. 825.00
In stock
SKU
matama-ahimi-mama-2-priyanka-amarathunga-sarasavi
''මං හැමදාමත් ඔයාට ආදරෙයිනෙ සුබා. ගමේ මිනිස්සුන්ගේ අවමන් විඳ විඳ හැදෙනවට වඩා දරුවා අපේ ළඟ සැපට හැදේවි. ඔයාට ඕන වෙලාවක ඇවිත් බබාව බලලා යන්න පුළුවන්.''
''දරුවා දකින දකින වාරයක් පාසා අප්‍රසන්න අතීතයක් මගේ හිතට එනවා තමයි තාරිකා අක්කේ.. ඒත් එහෙමයි කියලා මට මගේ දරුවාව දීලා අත් දෙක පිහගෙන ගෙදර යන්න පුළුවන්ද? මම අම්මා කෙනෙක්!''
''දෙන්න බැරි නම් තියාගන්න කියන්න.. ඊටපස්සේ වෙන දේවල් මං දැනටමත් එයාට තේරුන් කරලා දීලා තියෙන්නේ.'' සුභාෂිණිට ළය පුපුරා යන්නාක් මෙන් වේදනාවක් දැනිණ. කිසිවක් සිතා ගත නොහැකිව ඇය මව දෙස ද බැලුවේ පිළිසරණක් බලාපොරොත්තුවය.
''ආයෙ දරුවට කිරි දෙනව නම් දීලා, නෝනට දරුවා බාර දීපන් මයෙ අම්මා. පහුගිය ආත්මෙක උඹයි මමයි අපි ඔක්කොම එකතු වෙලා කළ පාප කර්මයක් තමයි මේ පල දෙන්නේ!''
සුභාෂිණි දරුවා ලයට තුරුලු කර ගත්තාය. රූපවතී මෙන්ම තාරිකාද කඳුළු පිස ගත්තේ , සුභාෂිණිගේ සිත තවත් පීඩාවට පත් නොකරනු පිණිසය.