Back to Top
නපුරු දොස්තර
Special Price
රු. 255.00
Regular Price
රු. 300.00
Out of stock
SKU
napuru-dosthara-rangana-kuruwita-sooriya
“මේ ඉන්නෙ ඩොක්ටර් රංගන” වයස අවුරුදු හයක රෝගී දැරියක වන ඈ පවසන්නී ය.
“ආ… කෝ මගෙ දෙපැත්තෙ කොණ්ඩෙ?” මම අසමි.
“ඇයි ඔයා ඔයාගෙ කොණ්ඩෙට මොකද්දෝ කරලනෙ” ඇය කියන්නේ සිනාසෙමිනි.
සිත්තරෙකුට දහස් ගණනක් මුදල් ගෙවා ඇඳගන්නා සිතුවමකට වඩා, මෙසේ අඳින අව්‍යාජ චිත්‍රයක වටිනාකම බොහොම වැඩි ය. එය හොඳ සිහිවටනයකි.
නවක වෛද්‍යවරයකුගේ අත්දැකීම් පාදක කොට ගෙන රචනා කර ඇති කෙටි කථාංගවලින් සමන්විත මෙහි අරමුණ වී ඇත්තේ රෝගියකු සම්බන්ධ යම් කතා පුවතක් හෝ තම වෘත්තීය ජීවිතය පිළිබඳ කතා පුවතක් එලෙස ම ඉදිරිපත් කිරීම නොවේ. සමාජයථාර්ථය පිළිබඳ විවරණයක යෙදීමටත්, ඒවා දෙස මනෝ විද්‍යාත්මක දෘෂ්ටියකින් බැලීමටත් කතුවරයා උත්සාහ දරා ඇති ආකාරය මෙම ග්‍රන්ථය තුළින් හඳුනාගත හැකි වනු ඇත.