Back to Top
සත්සයුර
Special Price
රු. 315.00
Regular Price
රු. 350.00
In stock
SKU
sathsayura-jayasena-jayakody-dayawansha
සත්සයුර
ජයසේන ජයකොඩි
අලම්බුසා, සමිත අතින් ඇද හිඳුවා, ‘ගුරු ගෞරවය’ ඒ කිම දැ යි නොදත්තා සේ ඇසුවා ය.
නිහඬ ව බිම බලා පසුවන සමිතයන් යළි ඇමතූ නුරාබර මැහැල්ල, “නුඹ උහුගෙන් අකුරුකුදු මෙතෙක් උගෙන නැති කල, ඔබට ඔහු ගුරු වනුයේ කෙසේ දැ”යි විචාළා ය.
එ වර ද සමිතයන්ගෙන් පිළිතුරක් නොලැබුණෙන්, මැහැල්ලට මඳ කොවක් නැඟිණි. “නුඹ පැකිළෙනුයේ උහුගේ මුහුණ බලනු අපාසු වෙතැ යි සිතා නම් එයට ද පිළියම් තිබේ. ඉදින් ඔහු දිවි නොමැති කල මට මනාප දැ යි කියන්?”
ලජුබරව පසුවන සමිතයන්ට බියත් තැතියත් උපන්නේ ය.
“කතාකරන් කොල්ල. මියගියවුන්ට අප මුහුණු නොපෙනේ. උහු නොමැති කල ඔබ ප්‍රතිචාරය කෙසේ ද?”
“මෙලෙස ඉදිරියටත් සේවා කරන්නෙමි.”
“පිරිමි කිස එය නොවේ! මරන්! ඔහු මරන්! රැයෙහි මෙහි කැඳවා නිදිගන්වා ගෙලට ම කඩු පහර දී මරන්!”
“අහෝ මට එ වැන්නක් කරනු තබා සිතනුත් අපාසු යි!”