රතු සෙබලිය

Special Price රු. 382.50 Regular Price රු. 450.00
Out of stock
SKU
rathu-sebaliya-anula-de-silva-sooriya

DAUGHTER OF CHINA නවකතාව NOT WITHOUT MY DAUGHTER (දෙවියන්ගේ අඩවිය) කෘතිය ලෙසින්ම ගැහැනියක මුහුණ දුන් සත්‍ය අත්දැකීම් ඇසුරෙන් ලියුවුණු, එනිසාම මහත් ආන්දෝලනයකට ලක් වූ කෘතියකි. චීන හමුදා සේවයේ ඔත්තුකාරියක වූ තරුණ නිලධාරිනියක්, ඇමරිකානු මහාචාර්යවරයෙකු හා පෙමින් බැඳෙයි. එනිසාම රාජ උදහසට ලක් වන ඇය සේවයෙන් නෙරපනු ලබනවා පමණක් නොව සියළු බ්‍රහ්ම දණ්ඩනයනට ද යටත් වෙයි. මේ සියළු බාදා මැද අවසානයේදී සිය ඇමරිකානු සැමියා සමඟ එකතු වන්නට ඇය සමත් වෙයි.

DAUGHTER OF CHINA යනු වර්තමාන චීනයේ පවතිනු ඇතැයි අප කිසිසේත් නොසිතූ දේශපාලන තත්ත්වයක් ලොවට හෙළි කළ මීහොන් ක්ෂූ නම් තරුණ හමුදා නිලධාරිනියගේ සත්‍ය කතාවයි.

දශක කිහිපයක් පුවත් පත් කලාවේ නියැලුණු අනුල ද සිල්වා මිහිර, තරුණි, සිරිකත, වනිතා විත්ති හා යෞවන යන පුවත් පත්, සඟරාවල කතු පදවිය දැරීය. නවකතා, කෙටිකතා, ළමා, යොවුන් හා පරිවර්තන සාහිත්‍යය තුළින් ජනප්‍රිය කෘති රැසක් බිහිකර ඇති ඇයගේ දෙවියන්ගේ අඩවිය කෘතිය මහත් පාඨක ප්‍රතිචාරයක් ලැබුවා පමණක් නොව, එක්තරා විදෙස් තානාපති කාර්යාලයක උදහසට ද ලක් විය. ඇගේ පරිවර්තන සියල්ලම වාගේ සාර්ථක වී ඇත්තේ ඒවා ස්ව නිර්මාණ තරම්ම පාඨකයාට සමීප වී ඇති බැවිනි.

Back to Top