අභිරහස් තිබ්බතය

Special Price රු. 315.00 Regular Price රු. 350.00
Out of stock
SKU
abhirahas-thibbathaya-macdonald-thilaka-kudahetti-dayawansha

අදෘෂ්‍යමාන බලවේගයක කැඳවීමකින් පසුව ස්කොට්ලන්තයේ සිට දකුණු අප්‍රිකාවට ගොස් ඩර්බන් නගරයෙන් නැව් නැග සත් සමුදුර ගෙවා බෙංගාලයේ හුග්ලි ගඟ දිගේ කල්කටාවටත් සිලිගුරි, ගිල්ලිකෝලා හා කලිංග්පොංග් වෙතත් යන කතුවරයා ටීස්ටා ගඟ ඔස්සේ සිකම්හි ගැංග්ටොක් හරහා ගොස් නටූලා ගිරි දුර්ගය ගෙවා යාතුංග් වෙත යන්නේ වගවලසුන් ගහන හිමාල වන අරණ හරහා බිහිසුණු ගමනක යෙදෙමින් තිබ්බත මං පහරන්නන්ගෙන් විස්මිත ලෙස ජීවිතය රැක ගනිමිනි. ගෙෂීරිම්පොචේ නැමැති ආධ්‍යාත්මික ලාමා යෝගියෙකුගෙන් තිබ්බත ආරාම පුද ජූජා, සිරිත් විරිත්, යෝග අභ්‍යාස ඉගෙන ප්‍රාණයාම වඩා ශරීරය උණුසුම් කර ගන්නා හා සිසිල් කර ගන්නා ටූමෝ විද්‍යාවත් සැතපුම් සිය ගණන් දුර අහසේ ඇවිදින ලූංග් - ගොම් - පා විද්‍යාවත්, මළවුන් සමඟ කතා කරන ආකාරයත් කතුවර මැක්ඩොනල්ඩ් බේන් උගනී. අයාලේ ගොස් දරුවන් හදා ගන්නා යුවතියන් මඟුල් කා ආවාහයට ගෙන එකී දරුවන් ද කැටුව යන මනාලයන් ගැනත්, බිළිඳකු උපන් පසු බිළිඳාත් මවත් සෝදා පවිත්‍ර කිරීමට බටර් යොදා ගන්නා අන්දමත්, කෙනෙකු මළ පසු මස් ගිජු ලිහිණින්ටත්, ඇට බල්ලන්ටත්, කෑමට දෙන ආකාරයත් විස්මිත ලෙස විස්තර කෙරෙන ‘අභිරහස් තිබ්බතය’ ලේඛක තිලක කුඩාහෙට්ටි සූරීන්ගේ තවත් සුවිශේෂී රසවත් පරිවර්තනයකි.

Back to Top