Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අභිරහස් තිබ්බතය
About this book

අදෘෂ්‍යමාන බලවේගයක කැඳවීමකින් පසුව ස්කොට්ලන්තයේ සිට දකුණු අප්‍රිකාවට ගොස් ඩර්බන් නගරයෙන් නැව් නැග සත් සමුදුර ගෙවා බෙංගාලයේ හුග්ලි ගඟ දිගේ කල්කටාවටත් සිලිගුරි, ගිල්ලිකෝලා හා කලිංග්පොංග් වෙතත් යන කතුවරයා ටීස්ටා ගඟ ඔස්සේ සිකම්හි ගැංග්ටොක් හරහා ගොස් නටූලා ගිරි දුර්ගය ගෙවා යාතුංග් වෙත යන්නේ වගවලසුන් ගහන හිමාල වන අරණ හරහා බිහිසුණු ගමනක යෙදෙමින් තිබ්බත මං පහරන්නන්ගෙන් විස්මිත ලෙස ජීවිතය රැක ගනිමිනි. ගෙෂීරිම්පොචේ නැමැති ආධ්‍යාත්මික ලාමා යෝගියෙකුගෙන් තිබ්බත ආරාම පුද ජූජා, සිරිත් විරිත්, යෝග අභ්‍යාස ඉගෙන ප්‍රාණයාම වඩා ශරීරය උණුසුම් කර ගන්නා හා සිසිල් කර ගන්නා ටූමෝ විද්‍යාවත් සැතපුම් සිය ගණන් දුර අහසේ ඇවිදින ලූංග් - ගොම් - පා විද්‍යාවත්, මළවුන් සමඟ කතා කරන ආකාරයත් කතුවර මැක්ඩොනල්ඩ් බේන් උගනී. අයාලේ ගොස් දරුවන් හදා ගන්නා යුවතියන් මඟුල් කා ආවාහයට ගෙන එකී දරුවන් ද කැටුව යන මනාලයන් ගැනත්, බිළිඳකු උපන් පසු බිළිඳාත් මවත් සෝදා පවිත්‍ර කිරීමට බටර් යොදා ගන්නා අන්දමත්, කෙනෙකු මළ පසු මස් ගිජු ලිහිණින්ටත්, ඇට බල්ලන්ටත්, කෑමට දෙන ආකාරයත් විස්මිත ලෙස විස්තර කෙරෙන ‘අභිරහස් තිබ්බතය’ ලේඛක තිලක කුඩාහෙට්ටි සූරීන්ගේ තවත් සුවිශේෂී රසවත් පරිවර්තනයකි.

ISBN
9789555519953
පිටු ගණන (Pages)
239
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අභිරහස් තිබ්බතය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.