එළියකන්ද වධ කඳවුර
රෝහිත මුණසිංහ 1989 නොවැම්බර් 14 වැනි දින යුද හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලදුව වැලිගම යුද හමුදා කඳවුර, මාතර එළියකන්ද වධකාගාරය, බුස්ස රැඳවුම් කඳවුර, කොග්ගල පුනරුත්ථාපන කඳවුර යන ස්ථානවල වසරක් පමණ කොටු වී සිට, 1991 දී ප්‍රංශයට පැමිණ ප්‍රංශ රජයෙන් දේශපාලන රැකවරණ ලබා ගත්තේ ය.
හමුදා කඳවුරේ දී හා වධකාගාරයේ දී සිදු වු සියලු මිලේච්ඡ ක්‍රියා හා ඝාතන ගැන බූස්ස රැඳවුම් කඳවුරට පැමිණි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට හෙළිදරව් කළ ඔහු ප්‍රංශයට පැමිණි වහා ම ජාත්‍යන්තර ක්ෂමා ආයතනයට ද සියල්ල හෙළිදරව් කළේ ය.
එළියකන්ද වධ කඳවුර නම් වු ඔහු ගේ මේ කෘතියට අන්තර්ගත වන්නේ භිෂණ යුගය යයි නම් දැරූ අඳුරු කාල පරිච්ජේදයේ දී හමුදා කඳවුර තුළ ද, වධකාගාර තුළ ද, සිදුවු අමානුෂික අප්‍රකට සිදුවීම් පිළිබඳ අන්තවාදී නො වු දෘෂ්ටියකින් කරන මධ්‍යස්ථ විග්‍රහයකි.
ප්‍රසන්න ලේඛන ශෛලියකින් බස හසුරවන රෝහිත මුණසිංහ නම් අපූරු ලේඛකයා ගේ ආධ්‍යාත්මය, මේ ග්‍රන්ථය වෙතින් ද දැකිය හැකි ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
-
Eliyakanda wadakadauraමිලේච්ඡත්වය අත් දුටු හඩක් නැත්තවුන්ගෙ කතාව