Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නරියා

නරියා

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
About this book

නරි කතා සහ නරි ගැන කතා

නරියා ගම් ආශ්‍රිත ව ජීවත් වූ ශීඝ්‍රයෙන් වඳ වී යන සතෙකි. නරියා තරම් ගැමි කතාවලට මාතෘකා වූ වෙනත් සතෙක් නැත. ඒ ගැමි කතා ද දැන් අභාවයට යමින් පවතී. මේ ග්‍රන්ථය නරියා පිළිබඳ කතා සංග්‍රහයක් වුව ද එය රචනා කර ඇත්තේ ජීවීන් පිළිබඳ සාම්ප්‍රදායික සිංහල චින්තනය හෙළිපෙහෙළි කරමිනි.

''අම්මෙ පුරාණ කාලෙ සිඟාල ගෝත්‍රයේ සත්තුයි සිංහල මිනිස්සුයි අතර බොහෝ ම කිට්ටු සම්බන්ධයක් තිබුණ කියලා කතාවක් තියෙනවා නේ ද?'' කැනවිලී ඇසුවා ය.

''ඒක කතාවක් ම නෙමෙයි. ඇත්තක්. අපෙන් ඒ ගොල්ලන්ට උදව්. අපිට ඒ ගොල්ලන්ගෙන් උදව්. ඔය කියන කාලෙ මේ ගම්වල හිටි හැමෝ ම ගොවිතැන්බත් කරලා ජීවත් වෙච්ච මිනිස්සු. කැනවිල් රංචු වනාන්තරේ හිටියට වැඩිහරියක් ම කෑමබීම හොයාගත්තෙ ගොවියන්ගෙ වගාබිම්වලින්.'' (13 පිටුව)

මේ කෘතිය සිංහල ජීවිතය හා පරිසරය පිළිබඳ ව පැහැදිලි කර දෙන කතාන්දරයක් ලෙස හැඳින්විය හැක්කේ එබැවිනි. මෙය ළමයින්ට මෙන් ම වැඩිහිටියන්ට ද කියවා රසවිඳිය හැකි රසවත් විත්ති සංග්‍රහයක් මෙන් ම ගුරු භවතුන්ට හා සිසු දරුවන්ට ''පාසල් ව්‍යාපෘති'' සම්පාදනය පිළිබඳ මාර්ගෝපදේශ සපයන්නක් ද වේ.

ISBN
9789553034519
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. " ඇමරිකානු ආරක්ෂක තොරතුරු ගබඩාවක් වන අධිආරක්ෂිත ෆෝට් මිඩේ දත්ත ගබඩාවට අන්තර්ජාල සොරකු ඇතුල් වී ඇති බව දැනගන්නා බලධාරීන් බියෙන් සලිත් වේ. බ්රිතාන්ය සමග එක්ව සිදු කරන මෙහෙයුමකින් සොරා සොයා යන ඔවුනට හමු වන්නේ මේ අසාමාන්ය මොළය හිමිකරු අවුරුදු 18 ක සාමාන්ය පවු
    මෙය සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    මුල සිට අග දක්වා කුතුහලයෙන් කියවිය හැකි රසවත් නිර්මාණයකි . ත්රාසජනක නවකතා කරුවන් වන ජැක් හිගින්ස් , ජේම්ස් රෝලින්ස්, හැඩ්ලි චේස් වැන්නන්ගේ කතා සමග සංසංදනය කරන විට Forsyth ගේ නිර්මාණ වල කතාව , කතන්දර ස්වරූපයට වඩා තරමක් වාර්තමය ස්වරූපයක් ගනු දක්නට ලැබුනද කතාව රසවත් ය. ආනන්ද සෙල්ලහේවා මහතා ගේ පරිවර්තනය සාර්ථක බව හැගේ. මෙය Fedrick Forsyth ගේ සිංහලට පරිවර්තනය වූ 16 වැනි නිර්මාණය වන අතර ආනන්ද සෙල්ලහේවා මහතා ගේ 11 වන Forsyth පරිවර්තනය වේ.
    Harindu රාක්කයේ ඇත ·
Write a review
Write a review

You're reviewing: නරියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.