නාග මෙහෙයුම
ඇමෙරිකාවට හා යුරෝපයට මහත් ව්‍යසනයක් වූ කොකේන් ජාවාරම මුලිනුපුටා දැමීම සඳහා විශාල වියදමක් දරා ක්‍රියාත්මක කරන COBRA ව්‍යාපෘතිය සඳහා තෝරා ගන්නා නිලධාරීන් අනුගමනය කරන අද්විතීය උපක්‍රම මෙන්ම කොකේන් ජාවාරම්කරුවන් ඒවාට ප්‍රතික්‍රියාකරන ආකාරය ෆෙඩ්රික් ෆෝසයිත් තම ගවේෂණාත්මක මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් තුළින් ඉතා මැනවින් විස්තර කරයි.
නූතන තාක්ෂණය මැනවින් යොදාගෙන ක්‍රියාත්මක කරන COBRA ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරීන් තම ජීවිතය පරදුවට තබා ක්‍රියාත්මක වන අයුරු හා මෙම ව්‍යාපෘතියේ බලපෑම නිසා කොකේන් ජාවාරම්කරුවන් මුහුණදෙන සිදුවීම් ද, මෙවැනි ජාවාරම් නිසා අසීමිතව මුදල් ඉපයීමේ තෘෂ්ණාවෙන් පෙළෙන මිනිසුන්ගේ විකෘති ස්වභාවය ද මෙම නවකතාවෙන් මැනවින් පැහැදිලි වෙයි.
සැම විටම ඉතා තර්කානුකූල විග්‍රහන් ගෙන යුත් ෆෝසයිත්ගේ අනෙක් නවකතා මෙන්ම නාග මෙහෙයුම ද පාඨකයා මුල සිට අවසානය දක්වා ඇද බැඳ තබාගන්නා ආකාරයේ තොරතුරු හා ක්‍රියාදාමවලින් යුක්ත වෙයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.